ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා සමාජ සත්කාර වැඩසටහනක්
8:57pm on Sunday 6th December 2015
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකය විසින් සංවිධානය කරන ලද සමාජ සේවා වැඩසටහනක් පසුගිය 2015 දෙසැම්බර් මස 02 වන දින ඉරණමඩු ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත පාසල් දරුවන් උදෙසා ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ සහයෝගයෙන් පවත්වන ලදී.

මෙම වැඩසටහන ගුවන් හමුදා ඉරණමඩු කඳවුරු අණදෙන නිළධාරීගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරුණි.

 හඳුනාගත් අවස්ය්‍යතා සහිත පාසල් තුනක් ලෙස 'කියන්ශය', 'කියල්වේලි' , 'වට්ටකච්චි' යන පෙර පාසල් සහ පාසල් වල සිසුන් 104 පාසල් බෑග්, පාවහන්, ලිපි ද්‍රව්‍ය හා පාසල් නිළ ඇඳුම් ලබාදීම සිදුකරන ලද අතර තවද 'කියල්වෙලි' පෙර පාසලේ අලුතින් ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක්ද මෙම අවස්ථාවේදී  දරුවන් වෙත භාරදෙන ලදී.
 
ගුවන් හමදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය , ගුවන් හමුදා ඉරණමඩු කඳවුරු අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් මනෝජ් ගලප්පත්ති,  ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඈතුලු සාමාජිකයින් කිහිප දෙනෙකු සහනිළධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි