විශේෂ දක‍ෂතා ලබා ගනිමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෞවය සහ කීර්තිය ලබා දුන් නිළධාරීන් සහ සෙසු නිළයන් ඇගයීමට ලක් කිරීම
10:48am on Friday 1st January 2016
විශේෂ දක්ෂතා සහ ඔවුන්ගේ කාර්‍ය සාධනය පිළිඹිඹු කරමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෞරවය සහ කීර්තිය ලබා දුන් නිළධාරීන් සහ සෙසු නිළයන් හට සතුට ප්‍රකාශ කිරීම සහ අගය කිරීම සදහා අද දින (2015 දෙසැමිබර් මස 29)ගුවන් හමුදා මුලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ ප්‍රදානත්වයෙන් චාමි උත්සවයක් පවත්වන ලදි.
 
මෙම වැඩසටහන ගුවන් හමුදාධිපතිතුමන්ගේ මුලිකත්වයෙන් පැවැත්වූ අතර කැපී පෙනෙන දක‍ෂතා දැක්වූ මෙම කණ්ඩායමෙි නිළධාරීන් සහ සෙසු නිළයන් ධෛර්‍යමත් කිරීම සහ සතුටු කිරීම මූලික අදහස විය.

ජයග්‍රහණ පිළිබදව කෙටි විස්තරය පහත සදහන් පරිදි වෙි.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී විදේශ මුදල් තොගයක් නිරීක‍ෂණයට ලක් කිරීම

2008 වර්ෂයේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පහත සදහන් සේවා පුද්ගලයන් රුපියල් මිලියන 80 ක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් නිරීක‍ෂණයට ලක් කර එම මුදල් රාජසන්තක කිරීම සදහා ශ්‍රී ලංකා රේගුව වෙත සහාය වී ඇත.
ස්කොඩ්‍රන් ලීඩර් එස්ආර් සිරිවර්ධන
ස්කොඩ්‍රන් ලීඩර් ටීී සාමදාස
ස්කොඩ්‍රන් ලීඩර් එස් වීරසේකර
ස්කොඩ්‍රන් ලීඩර් ජේසී මානවඩු
සැරයන් ගුණසේකර සීපීඒ
සැරයන් ජයකොඩි ජේඒඑස්ඩී
කෝප්‍රල් දිසානායක ඩීඑමිආර්

විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන්

ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර මළල ක්‍රීඩා සහ බර ඉසිලීමෙන් කැපී පෙනෙන ජයග්‍රහණ ලබා ගැනීම නිමිත්තෙන් පහත සදහන් පරිදි උපහාර ලබා දෙන ලදි.

023708 නායක ගුවන් භට රණසිංහ ආර් එමි එස් ජේ - හෙල්ල විසිකිරීම
තාවකාලික කෝප්‍රල් නිළයට උසස් කිරීම
තායිලන්ත විවෘත මළල ක්‍රීඩා ශූරතාවය - 2015 ප්‍රථම ස්ථානය
සාග් තරගාවලිය සදහා තේරීමි තරග වලදී 2015 වර්ෂය සදහා ජාතික වාර්ථාවක් පිහිටුවීම.

028937    නායක ගුවන් භට සදරුවන් එමිඑචිවයි - රිටි පැණිම
සාග් තරගාවලිය සදහා තේරීමි තරග වලදී 2015 වර්ෂය සදහා ජාතික වාර්ථාවක් පිහිටුවීම.


ඒඩබි/3019 නායක ගුවන් කාන්තා මධුවන්ති ජීකේඒඒ - යගුලිය විසි කිරීම
ජාතික මහා ක්‍රීඩා උළෙලේදී ජාතික වාර්ථාවක් පිහිටුවීම.

024643 නායක ගුවන් භට පීටර්ස් එස්එමි - බර ඉසිලීම
ජාතික මහා කි්‍රඩා උළෙලේදී ජාතික වාර්ථාවක් පිහිටුවීම.

01532 නායක ගුවන් භට වික්‍රමසිංහ ඩබිඑමිඒඑස් - බර ඉසිලීම
2015 ජාතික කි්‍රඩා උළෙලේදී නව ජාතික වාර්ථා 03 ක් පිහිටුවීම

01876 නායක ගුවන් භට ගෝමස් බීඩීඑචි - බර ඉසිලීම
2015 ජාතික කි්‍රඩා උළෙලේදී නව ජාතික වාර්ථා 03 ක් පිහිටුවීම

ගුවන් හමුදාධිපති සමිමාන
18243 සැරයන් කුමාර ජීඩීඑස් - 2015 වර්ෂයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩකලපුව කදවුරේදී දැක්වූ කැපී පෙනෙන දායකත්වය අගය කිරීම සදහා


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි