11 වන ගුවන් ලක් සෙවණ නිවස ප‍්‍රදානය කෙරේ
12:07pm on Wednesday 13th January 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් ක‍්‍රියාත්මක ”ගුවන් ලක් සෙවණ” නිවාස ව්‍යාපෘතිය යටතේ අළුතින් ඉදිකර නිම කරන ලද නව නිවසක් ප‍්‍රදානය කිරීම අද ( 2016 ජනවාරි මස 11) දින සිදු කරන ලදී. මාතර, වල්ගම මැද  පදිංචි 016372 නායක ගුවන් භට කුමාර බීඑච්ඩීටී හට මෙම නව නිවස ප‍්‍රදානය කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් මෙම නව නිවස ප‍්‍රදානය කිරීමේ උත්සවය පවත්වන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මග  පෙන්වීම මත ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කටුනායක ගුවන් හමුදා කඳවුරු සිවිල් ඉංජිනේරු පක්‍ෂාංගය මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

ඒයාර් කොමඩෝර් කේඑෆ්ආර් ප‍්‍රනාන්දු, කොග්ගල ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් චමින්ද වික‍්‍රමරත්න, ගුවන් හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි