ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ආබාධිත සේවා පුද්ගලයන් සදහා සත්කාරක ව්‍යාපෘතියක්
11:11am on Wednesday 10th February 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සේවය කර යුධ මෙහෙයුම් අතරතුර තුවාල ලබා ආබාධිත වූ සේවා පුද්ගලයන් සදහා පහසුකම් සැපයීමේ අරමුණින් ඔවුන් හට ආපදා සහන වශයෙන් කෘතීම අත් පා මිලදී ගැනීම සදහා මුල්‍යමය දීමනාව ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතාගේ අනුදැනුම මත සිදු කරන ලදී.

පරිත්‍යාග උත්සවය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සේවා වනිතා ඒකකයේදී 2016 පෙබරවාරි මස 05 වන දින පවත්වන ලදී.

රණවිරු සුභසාධක අරමුදල  මගින් ආබාධිත සේවා සාමාජිකයන් 05 දෙනෙකු සදහා මෙම මුල්‍යමය දීමනාව ලබාදෙන ලදී.
එයාර් කොමඩෝර් පී ඞී ඒ මාරිස්ටෙලා ද මෙම අවස්ථාවට එක් විය.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි