ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය - 2016 දෙවන අදියරය
5:43pm on Friday 26th February 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා 65 වන සංවත්සරයට සමගාමීව 17 වන වතාවට සංවිධානය කල ගුවන් හමුදා පාපැදි සවාරියේ දෙවන අදියර අද (2016 පෙබරවාරි 26) දින ගුවන් හමුදා වීරවිල කදවුර අසලින් ආරම්භ කරන ලදී. මෙහිදී ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුරේ අණදෙන නිලධාරී ගෘෘප් කැප්ටන් පී එස් එන් ප්‍රනාන්දු මහතා විසින් තරගයේ අරම්භක සංඥාව ලබාදෙන ලදී. ඒ අනුව තරඟකරුවන් කි. මී. 131 ක් දුර ගෙවා ගුවන් හමුදා කොග්ගල කදවුර අසලින් තරගය අවසන් කරන ලද අතර මෙම තරගයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිදුෂ් නිරන්ත හිමි කර ගත්තේය. ශී්‍ර ලංකා වරාය අධිකාරියේ සජිත් හසන්ත දෙවන ස්ථානය ලබා ගත් අතර ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්‍රිෂාන්ත මධුෂංක තෙවන ස්ථානයට පත්විය.  

දෙවන අදියරේ පලමු ස්ප්‍රින්ටි කඩඉම අම්බලන්තොට අබාන්ස් ප්‍රදර්ශණාගාරය අසලින් අවසන් වු අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙි දිනේෂ් ධනුෂ්ක පළමු ස්ථානයද දෙවන ස්ථානය ශී්‍ර ලංකා ගුවන් හමුදාවෙි සුජිත් සිල්වා හා තුන්වන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙි සමන්ත ලක්මාල් යන අය විසින් දිනා ගන්නා ලදී.

දෙවන ස්ප්‍රින්ටි කඩඉම මාතර අබාන්ස් ප්‍රදර්ශණාගාරය ඉදිරිපිටින් අවසන් වූ අතර එහි ප්‍රථම ස්ථානය සුපර් වීලර්ස් ක්‍රීඩා සමාජයේ සදරුවන් ගුණසේකර විසින් හිමි කර ගත් අතර දෙවන ස්ථානය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සුරේෂ් ප්‍රසංග හා තෙවන ස්ථානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අෂේන් තාරුක විසින් දිනා ගන්නා ලදී.

හෙට අවසන් දිනය ලෙස තරගය ශ්‍රී ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුර අසලින් ආරම්භ වීමට නියමිත අතර එය කි. මී. 133 ක් දුර ගෙවා කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය අසලින් අවසන් කිරීමට නියමිත ය. ඒ සමගම කාන්තා පාපැදි තරගය ද හෙට ඒකල ගුවන් හමුදා කදවුර අසලින් ආරම්භ වී කි.මී. 65.8 ක දුරක් ගෙවා කොළඹ ගුවන් හමුදා මුලස්ථානය අසලින් අවසන් වීමට නියමිතය.



Click here to today's results

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි