ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් සඳහා මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාවක්
2:39pm on Tuesday 15th March 2016
වෛද්‍ය අංශයේ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්  සඳහා අංක 01 මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කදවුරු රෝහලේදී  2016 මාර්තු මස 14 වන දින ආරම්භ කරන ලදී.

මෙම මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව වෛද්‍ය අංශයේ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්ගේ වෛද්‍ය සේවා දැනුම වර්ධනය කිරීමේ අරමුණ ඇතිව ගුවන් හමුදාවේ ප්‍රථම වරට ආරම්භ කරන ලදී. මෙම පාඨමාලාවේ අරමුණ වනුයේ ගුවන් සේවා වෛද්‍ය පිරිස් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම හා මනා ලෙස ගුවන් සේවා වෛද්‍ය වෘත්තීමය ආකාරයට හැඩගැස්වීමයි.

මෙම මූලික ගුවන් සේවා වෛද්‍ය පාඨමාලාව ආරක්ෂිත ගුවන් ගමන්වලට සහභාගී වන සියලු දෙනාගේ සෞඛ්‍ය රැකවරණය හා නඩත්තුව වෙනුවෙන් වැදගත් හා සැලකිය යුතු මෙහෙවරක් සිදු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා වෛද්‍ය හෙද හෙදියන් හා වෛද්‍ය සහයකයන් වෙනුවෙන් අදාළ වෛද්‍ය යන්ත්‍ර සූත්‍ර හා සම්බන්ධව සිදු කරනු ලබන විශේෂ පුහුණුවක් ලෙස ආරම්භ කරන ලදී.

එක් වර්ෂයක තුලදී වෛද්‍ය ගුවන් භට ගුවන් කාන්තාවන් 08 දෙනෙකුගෙන් සමන්විත සති දෙකේ පාඨමාලා හතරක් අවසන් කිරීමට නියමිතය.

මෙම පාඨමාලාවේ ආරම්භක දේශනය ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ගෲප් කැප්ටන් එල් ආර් ජයවීර විසින් පවත්වන ලදී. රත්මලාන ගුවන් හමුදා මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා, පියාසර පක්ශංග වල අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සඳහා සහභාගි වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි