ගුවන් හමුදා අන්තර් ඒකක කැරම් ශූරතාවලිය - 2016
8:54am on Wednesday 25th May 2016
ගුවන් හමුදා අන්තර් එකක කැරම් තරගාවලිය තුම්මුල්ල ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී 2016 මැයි මස 18 හා 19 යන දිනයන්හීදී පැවැත්විණ.

මෙම තරගාවලියට සියළුම ගුවන් හමුදා කඳවුරු නියෝජනය වන පරිදි ක්‍රීඩක ක්‍රීඩිකාවන් 100කට අධික පිරිසක් සහභාගී වී සිටි අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර පිරිමි ශූරතාවය දිනාගත් අතර කාන්තා ශූරතාවය ශ්‍රී

ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුර විසින් දිනා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුර සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල කඳවුර පිළිවෙලින් පිරිමි සහ කාන්තා අනුශූරතාවයන් දිනා ගැනීමට සමත් විය.
 
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා සිවිිල් ඉංජිනේරු අධ්‍යක්ෂක එයාර් කොමඩොර් එම් ආර් කේ සමරසිංහ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ගුවන් හමුදා අධ්‍යක‍ෂක මණ්ඩලය , ගුවන්

හමුදා කැරම් සංගමයේ සභාපති ගෘෘප් කැප්ටන් වී ටී එස් සිරිමාන්න ඇතුළු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද සහභාගී විය.


පිරිමි ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර

සැරයන් ඉන්දික
සැරයන් අරත්තන
නායක ගුවන් භට හේරත්
නායක ගුවන් භට කරුණාරත්න
කෝප්‍රල් සංජීව

කාන්තා ශූර - ශූරතාවය - ශ්‍රී ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කඳවුර

ෆ්ලයින් ඔෆිසර් එච් පී ටී ඩී දයානන්ද
නායක ගුවන් කාන්තා ජයරත්න
නායක ගුවන් කාන්තා බණ්ඩාර
නායක ගුවන් කාන්තා කුලරත්න
නායක ගුවන් කාන්තා චතුරංග
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි