වව්නියාව ගුවන් හමුදා කඳවුර ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණයට
8:52am on Tuesday 28th June 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධීපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා වව්නියාව ගුවන් හමුදා කඳවුරේ 2016 වසරේ ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය 2016 ජූනි මස 23 වන දින සිදු කරන ලදී.

පරීක්‍ෂණය ආරම්භ කිරීමට ප‍්‍රථම ගුවන් හමුදාධීපතිතුමන් විසින්, ගුවන් හමුදාධීපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී. පෙළපාලියට අණදීම කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් උදේනි රාජපක්‍ෂ විසින්  සිදු කරන ලදී. මෙහිදී 25862 සැරයන් හේරත් එස්එච්ඩීඑස්කේ , 013026 සැරයන් ජයසුන්දර ජේඑම්එස් සහ සිවිල් සේවක ආර්එස් රූපසිංහ මහතා හට ඔවුන් සිදු කරන ලද විහිෂ්ඨ කාර්ය භාරය වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමාගේ ඇගයීමට ලක්කෙරිණී.

ගුවන් හමුදාධීපතිතුමන් විසින් කඳවුරු මූලස්ථානය, අංක 111 නියමු රහිත ගුවන් යානා බලඝණය, අංක 2 ගුවන් ආරක්‍ෂණ රේඩාර් පක්‍ෂාංගය, අංක 23 රෙජිමේන්තු පක්‍ෂාංගය සහ අංක 2 මෝටර් යාන්ත‍්‍රික නඩත්තු සහ අළුත්වැඩියා පක්‍ෂාංගය ඇතුළු කඳවුරේ සියළුම අංශයන් සිය පරීක්‍ෂාවට භාජනය කරන ලදී. එසේම මෙහිදී කඳවරු පරිශ‍්‍රයේ අළුතින් ඉදිකරන ලද සුභ සාධක සංකීර්ණය ගුවන් හමුදාධිපතිතුමන් විසින් විවෘත කරන ලදී.

පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් කඳවුරේ සියළුම නිළයන් සහ සිවිල් සේවක මණ්ඩලය අමතා කඳවුරේ සහ ගුවන් හමුදාවේ අභිවෘද්ධිය උදෙසා ඔවුන් දක්වන ලද දායකත්වය සහ කැපවීම ඇගයීමට ලක් කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි