ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසැල සිය 05 වන සංවත්සරය සමරයි
12:58pm on Tuesday 28th June 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල සිය 05 වන සංවත්සරය පසුගිය 22 වන දින සමරණු ලැබීය.

සංවත්සර දිනය ආරමිභ කරමින් එදින උදැසන වැඩ පෙළපාලිය එම කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් එමි ජේ ආර් පෙරේරා මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර අනතුරුව මියගිය සහ අතුරුදහන් වූ ගුවන් හමුදා රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ට ආශිර්වාද පිරිනැමීම සදහා ආගමික වැඩසටහන් රැසක් කි‍්‍රයාත්මක කරන ලදි.

සංවත්සර දිනය සමරමින් කදවුරේ ජේෂ්ඨ අණ නොලත් නිළධාරීන් හා වෘත්තීය උසස් පාඨමාලාවන් හදාරනු ලබන ගුවන් භටයන් අතර සංවිධානය කර තිබූ පාපන්දු තරඟාවලියක් පැවැත්වූ අතර අනතුරුව විවාහක හා අවිවාහක ගුවන් කාන්තාවන් අතර දැල්පන්දු තරඟයක්ද පැවැත්විණි. සියලූ නිළයන් සදහා දහවල් ආහාරය ගුවන් භට භොජනාගාරයේ සුදානමි කර තිබූ අතර සංවසර දිනය වර්ණවත් කිරීම සදහා සංගීත ප‍්‍රසංගයක් එම කදවුරු පරිශ‍්‍රයේදී පැවැත්වුණි. මෙම අවස්ථාව සදහා එම කදවුරේ හිටපු අණදෙන නිළධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී සිටියහ.

මෙම සංවත්සර දිනයට සමගාමීව 2016 ජුනි මස 18 වන දින වැලිගමිපිටියේ පිහිටි ආචාර්‍ය ඞී එස් ජයවර්ධන පිරිමි පුනරුත්ථාපන  මධ්‍යස්ථානය ශුද්ධ පවිත‍්‍ර කිරීෙමි ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සංවිධානය කර තිබුණි. 2016 ජුනි මස 24 වන දින භීක්‍ෂුන් වහන්සේලා 16 දෙනෙකෙුගේ සහභාගීත්වයෙන් පරිත්රාණ ධර්ම දේශනයක් සහ පසුදින දානය පිලිගන්වා සංවත්සර දිනය නිමා කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි