ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ ,ප්‍රීතිමත් පවුලක ඇති වැදගත්කම, පිළිබදව වැඩසටහනක්
1:04pm on Tuesday 28th June 2016
ශ්‍රී  ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුර මගින් එම කඳවුරේ සියළු නිළධාරින් සහ එම භාර්යාවන් සදහා ඥානාන්විත ජිවිතයක් මගින් ප්‍රීතිමක් පවුලක් යන තේමාව යටතේ දේශනයක් පවත්වන ලදි.

ගුවන් හමුදාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ මෙම දේශනය සංවිධානය කල අතර ඉතා ප්‍රාථමික අවධියේ සිට නොවෙනස්ව පවතින මානව පැවැත්මට වැදගත් වන පවුල් ඒකකය අදාරය, විනෝදය සහ විනය යන ආකල්ප තුන මත රදා පවති. ඒ තුලින් ප්‍රීතිමත් පවුල නිර්මාණය වීම සිදු වේ. සෞඛ්‍ය සමිපන්න පවුලක් තුලින් මනා සෞඛ්‍ය පාලනයක් සිදු වන අතර ඒ  සදහා ශාරීරික මානසික, සමාජීය සහ අධ්‍යාත්මික යහ පැවැත්ම යන ප්‍රධාන කරුණු 04 ප්‍රධාන වේ.

මෙම වැඩසටහන ඵලදායීව පැවැත්වූ අතර ප්‍රධාන උපදේශක වශයෙන් ප්‍රසන්න ජයතිලක මහතා කටයුතු කරනු ලැබීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් ලලිත් ජයවීර, කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ, රත්මලාන කදවුරු රෝහලේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් වසන්ත පද්මපෙරුම, ශ්‍රී ලංකා ගුවන් හමුදා කෞතුකාගාරයේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් නිහාල් ජයසිංහ, ගුවන්යානා ඉංජිනේරු සහායක පක‍ෂාංගයේ අණදෙන නිළධාරී ගෘෘප් කැප්ටන් කිත්සිරි ලීලාරත්න, විවාහක නිළධාරී සහ ඔවුන්ගේ භාර්යාවන් මෙම වැඩසටහන සදහා සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි