ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුර අවට ගොවීන් සදහා කෘෂිකර්ම වැඩමුළුවක් පවත්වයි
12:30pm on Tuesday 12th July 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුර මගින් ඒ අවට ගොවීන් සදහා බෝග වගා කිරීම හා සත්ව නිෂ්පාදන සදහා තිරසාර කෘෂිකර්ම පිළිවෙත් යන තේමාව මුලික කර ගනිමින් 2016 ජුලි මස 08 වන දින කෘෂිකර්ම වැඩමුළුවක් එම කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදි.

මෙම වැඩමුළුව සාර්ථකව පැවැත්වුණු අතර ඒ සඳහා ප‍්‍රදේශයේ ගොවීන් 122 දෙනෙකු සහභාගී වී සිටියහ.

සතුන් පාලනය පිළිබද දැනුම ලබා දීම මෙන්ම කාබනික පොහොර භාවිතයේ වාසි හා රසායනික පොහොර භාවිතයේ අවාසි පිළිබදව දැනුවත් කිරීම මෙම වැඩමුළුවේ මුලික අරමුණ විය. වැඩමුළුව සාර්ථක කර ගැනීම සඳහා කටුනායක විධායක කෘෂි ඒකකය මගින් සම්පූර්ණ සහයෝගය ලබා දෙන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි