ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක
4:04pm on Thursday 28th July 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා කොළඹ සේවා වනිතා ඒකකය 2016 ජූලි මස 26 වන දින මුල්ලේරියාව රෝහලේ අංක 03 වාට්ටුවේ සංචාරයක නිරත විය.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය මෙම අවස්ථාවට සහභාගී විය.

මෙහිදී පවත්වනු ලැබූ විනෝදාත්මක කටයුතු වාට්ටුවේ රෝගීන් විසින් මහත් සතුටින් වින්දනය කල අතර ඉන් අනතුරුව රෝගීන් වෙනුවෙන් දිවා ආහාරය හා අත්‍යවශ්‍ය භාණ්ඩ ද පරිත්‍යාග කරන ලදී.

ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි