2016 රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා තරඟාවලිය නියෝජනය කරන ශ‍්‍රී ලංකීය සංචිතයේ ගුවන් හමුදා ක‍්‍රීඩකයින් තිදෙනෙක්
3:59pm on Saturday 30th July 2016
හැටපස් වසරක් වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරඟාවලියක් සදහා මළල ක‍්‍රීඩා , ජූඩෝ හා පිහිනුම් යන ක‍්‍රීඩා ඉසව් යටතේ ගුවන් හමුදා ක‍්‍රීඩකයින් තිදෙනෙකු සුදුසුකම් ලබා ඇත. එම ක්‍රීඩකයින් 2016 අගෝස්තු මස 03 වනදා සිට 21 වනදා දක්වා බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ හීදී පැවැත්වෙන 2016 රියෝ ඔලිම්පික් තරඟාවලියට සහභාගී වීම සදහා ශ්‍රී ලංකීය සංචිතය සමගින් දිවයිනෙන් පිටත්ව යන ලදී.

මෙවර රියෝ ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරන ගුවන් හමුදා ක‍්‍රීඩකයින්

කෝප‍්‍රල් රණසිංහ එස්                         -    හෙල්ල විසි කිරීම
නායක ගුවන් භට  ධර්මවර්ධන එන් සී     -    ජූඩෝ (ශ‍්‍රී ලංකා ඔලිම්පික් ක‍්‍රීඩා ඉතිහාසයේ පළමු වරට)
ගුවන් භට අබේසිංහ එම්                       -     පිහිනුම්

හෙල්ල විසි කිරීමෙි ඉසව්ව සදහා ඉදිරිපත්ව සිටින ගුවන් හමුදා ක‍්‍රීඩක කෝප‍්‍රල් රණසිංහ හෙල්ල විසිකිරීමේ ජාතික වාර්ථාවට හිමිකම් කියන අතර ජූඩෝ ඉසව්වෙන් තරඟාවලිය සදහා ඉදිරිත්ව සිටින නායක ගුවන් භට ධර්මවර්ධන ජූඩෝ කිලෝ ග‍්‍රෑම් 74 බර පංතියේ ජාතික ශූරතාව ලබා සිටී. පිහිනුම් ක‍්‍රීඩා නියෝජනය කරන ගුවන් භට අබේසිංහ 2016 ජනවාරි මස ඉන්දියාවේ පැවැත්වූ දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලේදී රන් පදක්කම් අටක් හිමිකර ගැනීමට සමත් විය. තවද මෙහි විශේෂත්වය වන්නේ ජුඩෝ කී‍්‍රඩාවෙන් ශී‍්‍ර ලංකාව ඔලිමිපික් තරඟාවලියක් නියෝජනය කරන ප‍්‍රථම අවස්ථාව මෙය වීමය.

මෙම ඔලිම්පික් ක‍්‍රීඩා තරඟාවලිය සදහා පිටත්ව ගිය ගුවන් හමුදා ක‍්‍රීඩකයින් හට ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ගුවන් හමුදා ක‍්‍රීඩා කමිටු සභාපතිවරුන් හා ගුවන් හමුදා ක‍්‍රීඩා කවුන්සලයේ නිළධාරීන් විසින් ඔවුන් දිරිමත් කරමින් සුබ පැතුම් පිරිනැමීය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි