වට්ටප්පලෙයි මධ්‍ය මහා විද්‍යාලයේ සෞඛ්‍ය සහ දන්ත වෛද්‍ය සායනයක්
9:02am on Wednesday 3rd August 2016
මුලතිවු ගුවන් හමුදා කඳවුර මගින් සංවිධානය කරන ලද සෞඛ්‍ය සහ දන්ත වෛද්‍ය සායනයක් පසුගිය 2016 ජූලි මස 29 වන දින වට්ටප්පලෙයි මධ්‍ය මහා විද්‍යාලයේදී පවත්වන ලදී.

ඉරණමඩු ගුවන් හමුදා කඳවුරේ වෛද්‍ය නිළධාරිවරයෙකුද ඇතුළුව 03 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක්, වව්නියාව ගුවන් හමුදා කඳවුරේ දන්ත වෛද්‍ය නිළධාරිවරයෙකු සමග 05 දෙනෙකුගෙන් සමන්විත දන්ත වෛද්‍ය කණ්ඩායමක් සහ මුලතිව් ගුවන් හමුදා කඳවුරේ 06 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කණ්ඩායමක් ඇතුළුව 14 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය සහ දන්ත වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා සහභාගී වූහ. මුලතිවු ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ජීඑස්එන් පියදර්ශනගේ අනුදැනුම මත මෙම සායනය පවත්වන ලදී.

මෙහිදී ළමා කාලයේ තරබාරු බව, දන්ත සෞඛ්‍ය සහ සනීපාරක්‍ෂක ගැටළු, අක්‍ෂි සම්බන්ධ ගැටළු සහ හෘද ආශ‍්‍රිත සෞඛ්‍ය ගැටළු පිළිබඳව අවධානය යොමු කරන ලදී.

වට්ටප්පලෙයි මධ්‍ය මහා විද්‍යාලයේ පාසල් සිසුන් 297 දෙනෙකු සහ ගුරු මහත්ම මහත්මීන් 36 දෙනෙකු මෙම සෞඛ්‍ය සහ දන්ත වෛද්‍ය සායනය සඳහා සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි