ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු හා මුලතිව් 5 වන සංවත්සර සැමරුම
7:24pm on Thursday 4th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉරණමඩු සහ මුලතිව් කඳවුරු 2016 අගෝස්තු මස 03 වැනි දින සිය 5 වැනි සංවත්සරය එම කඳවුරු අණදෙන නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් සමරනු ලැබීය.
 
ගුවන් හමුදා ඉරණමඩු කඳවුරේ සංවත්සර දින වැඩසටහන් මාලාව යටෙත් වැඩ පෙළපාලියක් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් ඒ ඩී ආර් ලියනාරච්චි ඇතුලු නිළධාරීන් , සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ ද සහභාගීත්වයෙන් පවත්වන ලදී. අනතුරුව සියලු දෙනාගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරඟාවළියක් ද පවත්වන ලදී.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ සංවත්සර දින වැඩසටහන් මාලාව යටෙත් ක්‍රිකට් තරඟාවළියක්, වොලිබෝල් තරඟාවළියක් වැඩ බලන අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් යූ ජේ බී නිශ්ශංක මහතාගේ ප්‍රධානත්වයෙන් කඳවුරේ සියළුම නිළධාරීන් සහ සෙසු නිළයන්ගේ ද සහභාගීත්වයෙන් පවත්වන ලදී.    

ඉරණමඩු ගුවන් හමුදා කඳවුර


මුලතිව් ගුවන් හමුදා කඳවුර
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි