ගුවන් හමුදා අන්තර් ඒකක ටෙනිස් තරගාවලිය 2016
8:46pm on Friday 19th August 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදා අන්තර් ඒකක ටෙනිස් තරගාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට සමත්විය. 2016 අගෝස්තු මස 19 වන දින ඒකල ගුවන් හමුදා ටෙනිස් පිටියේදී පැවති මෙම අවසන් තරගයේදී ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කදවුර අනුශූරයන් බවට පත්විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ඩී එල් එස් ඩයස් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය අධ්‍යක්ශක එයාර් කොමඩෝර් එල් ආර් ජයවීර, ගුවන් හමුදා ටෙනිස් සංචිතයේ සභාපති ගෲප් කැප්ටන් ටී ඒ විමලරත්න ඇතුලු නිළධාරීන් හා සෙසු නිළයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි