09 වන ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල
5:55pm on Tuesday 23rd August 2016
ශ‍්‍රී ලංකාව තුළ පැවැත්වෙන ක‍්‍රීඩා තරඟ අතරින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ විශේෂ අවධානයක් දිනා ඇති ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරඟාවලිය 09 වන වරට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ සංවිධානයෙන් පනාගොඩ ශී‍්‍ර ලංකා යුධ හමුදා ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී 2016 මාර්තු මස 24 වන දින අභිමානවත් අයුරින් ආරම්භ කරන ලදි. මාස 05ක් පුරාවට විවිධ ක‍්‍රීඩා තරග ඉසව් 37 ක් යටතේ සාර්ථකව පැවැත්වූ මෙම ක‍්‍රීඩා තරගාවලියේ අවසාන මහා උළෙල අති උත්කර්ශවත් අන්දමින් 2016 අගෝස්තු මස 22 වන දින අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සහ ත‍්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පනාගොඩ ශී‍්‍ර ලංකා යුධ හමුදා ගෘහස්ථ ක‍්‍රීඩාංගනයේදී සාර්ථකව නිමා විය.

ති‍්‍රවිධ හමුදාවන්හි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන මෙම තරගාවලිය පැවැත්වීමේ මූලික අරමුණ වනුයේ ති‍්‍රවිධ හමුදා සාමාජික සාමාජිකාවන් අතර තිබෙන්නා වූ සහයෝගීතාවය වර්ධනය කිරීම සහ කි‍්‍රඩා කෞෂල්‍යන් ඔප්නැංවීම තුලින් ජාතික හා ජාත්‍යන්තර මට්ටම කරා රැුගෙන යාමයි. මෙවැනි තරග සංවිධානය තුලින් ති‍්‍රවිධ හමුදාව ලද සුවිශේෂි ජයග‍්‍රහනයක් වනුයේ ති‍්‍රවිධ හමුදා ඉතිහාසයේ ඔලිම්පික් තරගාවලියක් සදහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ක‍්‍රීඩක කි‍්‍රඩිකාවන් 09 දෙනා අතරින් ති‍්‍රවිධ හමුදාවන් නියෝජනය කරමින් ගුවන් හමුදා ක‍්‍රීඩකයින් තිදෙනෙකුු සහ යුධ හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු 2016 වර්ෂයේ රියෝ ඔලිම්පික් කි‍්‍රඩා උළෙල වෙනුවෙන් සහභාගී කරවීමට හැකිවීමයිි.

ආරක්‍ෂක සේවා මණ්ඩලයේ වර්ථමාන සභාපතිත්වය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් හොබවන අතර යුධ හමුදාපතිතුමන් හා නාවික හමුදාපතිතුමන් උපසභාපතීත්වය දරණු ලබයි. ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා උළෙල වසර 02 කට වතාවක් සංවිධානය කරනු ලබන අතර මෙවර ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලැබීය. ඒ සදහා ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සහ නාවික හමුදාවේ නොමද සහයෝගය ලැබිණි.

තරඟාවලිය පුරාවට පැවැත්වූ තරග ඉසව් අතරින් කි‍්‍රඩා ඉසව් 22ක ශූරතාවය හිමිකරගත් ශ‍්‍රී ලංකා යුධ හමුදා කණ්ඩායම රන් පදක්කම් 120 ක්, රිදී පදක්කම් 133 සහ ලෝකඩ පදක්කම් 127 ක් ලබා ගනිමින් සමස්ථ ශූරතාවය දිනාගනු ලැබූ අතර ශ‍්‍රී ලංකා නාවික හමුදාව ඉසව් 21 ක ශූරතාවය හිමිකර ගනිම්න් රන් පදක්කම් 95 ක්, රිදී පදක්කම් 81 ක් සහ ලෝකඩ පදක්කම් 120 ක් ලබා ගනිමින් අනුශූරතාව දිනා ගැනීමට සමත් විය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව තරග ඉසව් 20 ක ශූරතාවය හිමිකර ගනිමින් රන් පදක්කම් 84 ක්, රිදී පදක්කම් 78 ක් සහ ලෝකඩ පදක්කම් 113 ක් ලබාගන්නා ලදී.

ක‍්‍රීඩා ක්‍ෂේත‍්‍රයේ සියලූ දෙනාගේ අවධානය යොමුවී තිබෙන මෙම ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරඟාවලියේ අවසාන උළෙලට ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන,  ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල, යුධ හමුදාධිපති ලූතිනන් ජෙනරාල් ක‍්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ  නිළධාරීන් සහ සෙසු නිළයන් සහභාගී විය.   

09 වන ආරක්‍ෂක සේවා කි‍්‍රඩා උළෙල නිමා කරමින් 2018 වර්ෂයේදී පැවැත්වීමට නියමිත 10 වන ආරක්‍ෂක සේවා කි‍්‍රඩා තරගාවලියේ සංවිධාන කටයුතු සදහා ආරක්‍ෂක සේවා ධජය ගුවන් හමුදාධිපතිතුමන් විසින් යුධ හමුදාපතිතුමන් වෙත නිළ වශයෙන් භාර දීමද මෙම අවස්ථාවේදී සිදු විය.


සියලුම තරග ප්‍රතිඵල සදහා - http://www.airforce.lk/dsg_2016

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි