ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය අනුරාධපුර මුලික කදවුරේ පෙර පාසලේ සංචාරයක
6:32pm on Thursday 25th August 2016
2016 අගෝස්තු මස 24 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය අනුරාධපුර මුලික කදවුරේ පෙර පාසලේ සංචාරයක නිරත විය. මෙම සංචාරය තුල එතුමිය විසින් අබන්පොල ප‍්‍රදේශයේ අත්පන් කරගෙන ඇති ඉඩම් කැබලි කිහිපයක නිරීක්‍ෂණය කල අතර ඒ ප‍්‍රදේශයේ පෙර පාසැල් කිහිපයක් අලුතින් ආරම්භ කිරීමට සැලසුම් කරන බව පවසන ලදි. මෙම නව පෙර පාසැල් ඉදි කිරීමේ දැවැන්ත ප‍්‍රජා ව්‍යාපෘතිය ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ප‍්‍රධානත්වයෙන් අනාගතයේදී ආරම්භ කිරීමට බලාපොරොත්තු වනු ඇත.

සංචාරයට අමතරව සේවා පුද්ගලයන් විසින් කරන ලද ඉල්ලීම් කිහිපයක් සැලකිල්ලට ගනිමින් සේවා වනිතා ඒකකයේ සභාපතිණිය විසින් 07380 නායක ගුවන් භට බණ්ඩාර පීඑචි යන අයගේ පුතකු සදහා රෝද පුටුවක් සහ 17785 බල සැරයන් තිලකරත්න එම් යන අයගේ දියණිය සදහා මූල්‍යමය ආධාර පරිත්‍යාග කිරීමක් එම කදවුරු පරිශ‍්‍රයේදී සිදු කරන ලදි.

මෙම අවස්ථාව සදහා අනුරාධපුර කදවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් වීබී එදිරිසිංහ එම කදවුරේ සේවා වනිතා ඒකකයේ කාර්්‍ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි