අංක 01 පියාසර පුහුණු පක‍ෂාංගය සිය 65 වන සංවත්සරය සමරයි
6:42pm on Friday 2nd September 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා චීන වාරාය විද්‍යාපීඨ කදවුරේ අංක 01 පියාසර පුහුණු පක‍ෂාංගය සිය 65 වන සංවත්සරය අද දින (2016 සැප්තැම්බර් මස 02) සමරනු ලැබීය. සංවත්සර දිනය ආරමිභ කරමින් උදෑසන පෙළපාලිය පක‍ෂාංග අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් අසේල ජයසේකර විසින් නිරීක‍ෂණය කිරීමෙන් අනතුරුව විද්‍යාපීඨ ක්‍රීඩා අංශය සහ පක‍ෂාංග නිළධාරීන් අතර සුහද ක්‍රිකට් තරගාවලියක් පවත්වන ලදි. ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ මහතා සහභාගී විය.

සංවත්සර ආරමිභය සනිටුවහන් කරමින් 2016 අගෝස්තු මස 30 වන දින සමුද්‍රාසන විෙවිකාරාම විහාරස්ථානය මුලික කර ගනිමින් බෝධි පූජා පිංකමක් සිදු කරන ලදි.

මෙම ආගමික උත්සවයේ මෙහෙයවීම උතුරු හා නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය දෙහිඕවිට පියතිස්ස නාහිමියන් විසින් සිදු කල අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විද්‍යාපීඨ පිඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ මහතා සහභාගී විය. මෙම අවස්ථාවට පක‍ෂාංගයේ සේවා පුද්ගලයන් එම පවුල්වල සාමාජිකයන් ඇතුලු ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් සහභාගී විය.

සංවත්සර ප්‍රජා ව්‍යාපෘති යටතේ පක‍ෂාංගයේ සේවා පුද්ගලයන්ගේ මූල්‍යමය දායකත්වයෙන් නාච්චිකුඩා සිද්ධාර්ථ විද්‍යාලයේ අසරණ සිසුන් සදහා පාසල් පොත් ඛෙදා දීම සිදු කරන ලද අතර පාසලේ අනෙකුත් අවශ්‍යතාවයන් ප්‍රමිතියකට අනුව නගා සිටුවීමට දායකත්වය එම පාසලේ විදුහල්පතිවරයා විසින් ඉස්මතු කරන ලදි.

අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය ආරම්භය රාජකීය ගුවන් හමුදාව ආරමිභයත් සමග සිදු වූ අතර එහි කීර්තිමත් ඉතිහාසයක් පුරා උරුමකම් කියනු ඇත. සියලූ මතකයන් සිහිපත් කරමින් සිය 65 වන සංවත්සරය අභිමානවත් අයුරින් සැමරීම සදහා පක‍ෂාංගයේ අණදෙන නිළධාරී ඇතුලු සියලූම නිළධාරීන් සෙසු නිළයන් සිය දායකත්වය ලබා දෙන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි