ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මහරගම අපේක්‍ෂා රෝහලේ සංචාරයක
2:25pm on Saturday 3rd September 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මහත්මියගේ සංකල්පයක් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 2016 සැප්තැම්බර් මස 02 වන දින මහරගම අපේක්‍ෂා රෝහලේ සංචාරයක නිරත විය. මෙම සංචාරය සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් සහ සේවා වනිතා ඒකකයේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මෙම සංචාරය තුලදී සේවා වනිතා ඒකකයේ සභාපතිණිය එම රෝහලේ දරුවන් සමග කාළය ගත කල අතර ගුවන් හමුදා කැලිප්සෝ සංගීත කණ්ඩායම විසින් දරුවන්ගේ් මානසික සෞඛ්‍ය තත්වය වර්ධනය කරනු පිණිස විවිධ විනෝදාත්මක වැඩසටහන් කිහිපයක් ඉදිරිපත් කල අතර දහවල් ආහාර වේලකින් සංග‍්‍රහ කිරීමට කටයුතු කරන ලදි. සේවා වනිතා ඒකකයේ සභාපතිණිය විසින් මෙම කටයුත්ත සදහා දායක වූ දානපතියන්ගේ ආධාර ඇතිව රෝහල සදහා රුපියල් 2000000 ක් වටිනා ඖෂධ පරිත්‍යාග කරන ලදි.

මෙම සංචාරය සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නිළධාරීන් සහ කාර්ය මණ්ඩලයද සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි