ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ භාර ගනී
4:59pm on Wednesday 14th September 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නිළ වශයෙන් ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමන් විසින් නව ගුවන් හමුදාධිපතිතුමන් ලෙස පත්වීම් ලද එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හට නිළ වශයෙන් ගුවන් හමුදාධිපති යෂ්ටිය සහ රාජකාරී භාරදීමේ පෙළපාලිය උත්කර්ෂවත් අන්දමින් 2016 සැප්තැමිබර් මස 13 වන දින උදෑසන ගුවන් හමුදා මුලස්ථානයේදී පැවැත්විණ. මෙම අවස්ථාවට ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලය, ගුවන් හමුදා මූලස්ථානයේ සියලුම නිළධාරීන් සහ සෙසු නිළයන් ද සහභාගී විය.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 16 වන ගුවන් හමුදාධිපතිවරයා ලෙස ඉතිහාසයට එක්වුනු නව පත්වීම් ලද එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා නිළ වශයෙන් 2016 සැප්තැම්බර් 14 වන දින උදෑසන ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති ධුරයේ වැඩ භාර ගන්නා ලදී.

මෙම සමාරම්භක උත්සව අවස්ථාව ආමන්ත්‍රණය කල නව ගුවන් හමුදාධිපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපතිත්වයට පත්වීම තමන් ලද භාග්‍යක් ලෙස සදහන් කල අතර එහෙත් මෙම පත්වීම හුදෙක්ම භාග්‍යක් හෝ අහඹුවකින් සිදුවූවක් නොවන බවත් එය 1982 වර්ෂයේ මාර්තු 05 වන දින ශ්‍රී

ලංකා ගුවන් හමුදාවේ ආධුනික කැඩෙට් නිළධාරියෙකු ලෙස සේවයට එක් වූ තමන් ගුවන් හමුදාධිපති ධූරයට පත්වීම දක්වා කාලය හුදෙක්ම විල්ලුද පාවඩ ඇතිරූ මල් යහනාවක් ඔස්සේ පැමිණි මාර්ගයක් නොවන බවත්  අවධාරණය කරන ලදී.   

වැඩිදුරටත් අදහස් දක්වමින් ගුවන් හමුදාධිපතිතුමන් ගුවන් හමුදාධිපති ධූරයට පත්කිරීම කෙරෙහි වූ විශ්වාසය වෙනුවෙන් සියලු දෙනාටම ස්තූතිය පුදකල අතර මෙම ධූරය ත්‍රිවිධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් තමන් හට පවරන ලද භාරදූර වගකීමක් ලෙස තමන් තරයේ විශ්වාස

කරන බවත් ආරක්ෂක ලේකම්තුමන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය ඉදිරි ක්‍රියාදාමයන් තුලින් තහවුරු කිරීමට තමන් පොරොන්දුවන බවත් ප්‍රකාශ කළේය.

තවද සාමය, සහෝදරත්වය, සංහිඳියාව වපුරවමින් එක් ධජයක් යටතේ ඒකරාශී වූ ශ්‍රී ලංකික ජාතියක් ලෙස පෙරට යාමට දායකවීම ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන්ගේ පරම වගකීම බවද එතුමන් සිහිපත් කළේය.          

අවසාන වශයෙන් එතුමන් සමගින් ගුවන් හමුදා ධජය යටතේ ඉදිරියට ගමන් කිරීමට සියලු ගුවන් හමුදා නිලධාරීන්ට, සෙසු නිලයන්ට හා සිවිල් කාර්ය මණ්ඩලයට ආරාධනා කරමින් ඔවුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරන ලදී.









airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි