ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන
4:47pm on Tuesday 27th September 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් අද (2016 සැප්තැමිබර් මස 26) දින ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේදී සිදු කරන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව රත්මලාන මූලික කඳවුරේ අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සුදර්ශන පතිරණ විසින් පරීක්ෂණ පෙළපාලිය අණදෙමින් ගුවන් හමුදාධිපතිතුමන්ව පිළිගනු ලැබූ අතර අනතුරුව ගුවන් හමුදාපතිතුමන් විසින් පෙළපාලිය පරීක‍ෂාවට ලක් කරන ලදී. පසුගිය වර්ෂය තුළ රත්මලාන කදවුර තුලදී කළ විශිෂ්ඨ සේවාවන් හා කදවුරෙහි කාර්යයන් වෙනුවෙන් ලබාදුන් පොදු දායකත්වය අගයමින් පහත සදහන් සේවා පුද්ගලයින් ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ පුද්ගලයින්
23204        බල/සැරයන්    කරුණාසේන කේඅයිපී       
26586        සැරයන්        නාලක එල්ජීඑචිපී   
28698        සැරයන්        විජේසුරිය පීඩී
023126        නාගුභට        චන්ද්‍රසිරි එචිපීඑන්එස්

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක‍ෂණය සිදුකරමින් සියලුම ස්ථාන පරීක‍ෂා කල අතර නිළධාරීන් වෙනුවෙන් අලූතින් ඉදිකරන ලද තුලවාසී නිවස්නය එතුමන් විසින් විවෘත කරන ලදී.

පරීක්ෂණය අවසානයේදී ගුවන් හමුදාධිපතිතුමන් විසින් රත්මලාන කඳවුරේ සියලුම නිළධාරීන් , සෙසු නිළයන් හා සියලුම සිවිල් සේවක මහතුන් හට කඳවුරු සංවිධානය සහ ඔවුන්ගේ වෙහෙස මහන්සිය පැසසුමට ලක් කරන ලදී. අවසාන වශයෙන් සියලු දෙනාට ස්තූති කරමින් සෑම විටම ගුවන් හමුදාව මෙන්ම තම මාතෘ භූමිය වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබා දීමේ අවශ්‍යතාවය පැහැදිලි කරන දෙන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි