ලංකා හොස්පිටල් ගොඩනැගිල්ලේදී ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහන සාර්ථකව නිමකෙරේ.
11:14am on Saturday 1st October 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවීම් ඒකකය විසින් පැවැත්වූ ගිණි නිවීමේ හා ජීවිත ගලවා ගැනීමේ පුහුණු වැඩසටහනක් 2016 සැප්තැම්බර් 30 වන දින ලංකා හොස්පිටල් ගොඩනැගිල්ලේදී සාර්ථකව අවසන් විය.

මෙම පුහුණු වැඩසටහනේදී රෝහලේ සිටි පිරිසගේ ජීවිත අවස්ථානුකූලව බේරා ගැනීමට කටයුතු කල අතර කඹ හා ගිණි නිවීමේ විශේෂ රථ උපයෝගී කරගෙන එහි ඇති ඉනිමං ආධාරයෙන් ඉහල මාල වල සිටින පිරිස පහලට ගෙන ඒම, පහල මාලවල සිරවී සිටින පුද්ගලයින් හට භූමියෙහි ස්ථාන ගත කර තිබූ පුරවන ලද වේදිකාවක් මතට පැන තම ජීවිත බේරා ගන්නා ආකාරය ඇතුලු ගලවා ගැනීමේ උපක්‍රම කිහිපයක් පිළිබදව දැනුවත් කිරීමද සිදු කෙරිණ.
 
ගුවන් හමුදා ගිණි නිවාරන ඒකකයේ අණදෙන නිලධාරී ස්කොඩ්‍රන් ලීඩර් සී පී හෙට්ටිආරච්චි ගේ නායකත්වයෙන් හා අධීක්ෂනයෙන් යුත් ගිණි නිවාරන හා මුදවා ගැනීමේ භටයින් 37 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙම පුහුණු වැඩසටහන දියත් කරන ලදී.

ගුවන් හමුදා ප්‍රධාන ගිණි නිළධාරී ගෲප් කැප්ටන් චින්තක ඩයස් මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි