ගුවන් හමුදාධිපති කදවුරු වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසල
10:59am on Wednesday 12th October 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2016 ඔක්තෝම්බර් මස 11 වන දින ගුවන් හමුදා ඒකළ වෘත්තීය පුහුණු පාසලේ කදවුරු වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණ පෙළපාලියේ අණදෙන නිළධාරී ලෙස ගෲප් කැප්ටන් එම් ජේ ආර් පෙරේරා විසින් අණ දීම සිදු කරන ලදි.

මෙහිදී පසුගිය වර්ෂය තුල කදවුර වෙත කල විශිෂ්ඨ සේවාව අගයමින් 19185 බල/සැරයන් ද සිල්වා එස්ටීකේඑල් (ගුවන්යානා විද්්‍යුත් සහ මෙවලම් ශිල්පී) සහ 26737 සැරයන් රත්නායක ආර්එම්එන්බී (මෙහෙයුම් භූමි) යන අයවලූන් ගුවන් හමුදාධිපති සමිමානයෙන් පිදුමි ලැබීය.

ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු වාර්ෂික පරීක්‍ෂණය සිදු කරමින් කදවුරේ සියලූ ස්ථානයන් නිරීක්‍ෂණය කල අතර කදවුරු සුභසාධනය වෙනුවෙන් අලූතින් ඉදි කරන ලද ආපනශාලාව එතුමන් විසින් විවෘත කරන ලදි.

පරීක්‍ෂණය අවසානයේ කදවුරේ සියලූ නිළයන් වෙත අදහස් දක්වමින් සියලූ සාමාජිකයින් හට කදවුරු සංවිධානය වෙනුවෙන් කරන ලද වැඩ පිළිවෙල වෙනුවෙන් ගුවන් හමුදාධිපතිතුමන් විසින් සිය ස්තුති පුද කර සිටින ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි