ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලිය 2016
4:29pm on Wednesday 19th October 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක ටී-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (18 ඔක්තෝබර් 2016) දින කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගනයේදී නිමාවට පත්විය. ගුවන් හමුදා රත්මලාන කඳවුර සහ ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුර පිළිවෙළින් පිරිමි හා කාන්තා ශූරතාවයන් දිනා ගන්නා ලදී.

පිරිමි අවසන් තරගයේදී ගුවන් හමුදා  ඉරනමඩු කඳවුරු කණ්ඩායම පන්දුවාර 20 කදී ලකුණු 134 ක ඉලක්කයක් ගුවන් හමුදා රත්මලාන කඳවුරු කාර්මික පක්ෂාංග කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන්  පන්දුවාර 19 පන්දු 4 කදී කඩුලු 06ක් දෑවී ලකුණු 137ක් ලබා පිරිමි ශූරතාවය හිමි කර ගන්නා ලදී.

කාන්තා අවසන් තරගයේදී ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරු කණ්ඩායම පන්දුවාර 05 කදී ලකුණු 45 ක ඉලක්කයක් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨ කණ්ඩායමට ලබාදුන් අතර ඔවුන් පන්දුවාර 4 කදී   ලකුණු 25 කට සීමා විය. එ අනුව ගුවන් හමුදා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල කඳවුරු කණ්ඩායම  කාන්තා ශූරතාවය හිමි කර ගන්නා ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගුවන් හමුදා විද්‍යුත් හා විදුලි සංදේශ අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජේ පී වනිගතුංග මහතා සහභාගි විය.  ගුවන් හමුදා ක්‍රිකට් සන්චිතයේ සභාපති එයාර් කොමඩෝර් ආර් එස් බියන්විල, ගුවන් හමුදා කොළඹ කඳවුරු කඳවුරේ අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් එම් ඩී ඒ පී පායෝ ඇතුලු නිලධාරීන් හා සෙසු නිලයන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගී විය.
 
 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි