15 වන ජාතික වූෂු තරඟාවළිය 2016
2:29pm on Friday 21st October 2016
15 වන ජාතික වූෂු තරඟාතවළිය පසුගිය ඔක්තෝම්බර් මස 19 වන දින සුගතදාස ගෘහස්ථ ක‍්‍රිඩාගාරයේදී සාර්ථක අන්දමින් නිමාවට පත්විය.

එහිදී ශ‍්‍රී ඉලංකා ගුවන් හමුදාව නියෝජනය කළ වීඒඩබ් 01673 නායක ගුවන් කාන්තා කුමාරි රන් පදක්කම් තුනක් සහ වීඒඩබ් 01644 නායක ගුවන් කාන්තා මධුමාලි ඩබ්පීඑම් රන්පදක්කමක් දිනා ගන්නා ලදී. තරඟාවළියේදී කන්තා සහ පිරිමි දෙඅංශයෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 4 ක්සහ ලෝකඩ පදක්කම් 5 ක් දිනා ගනිමින් සමස්ථ තරඟාවළියේ තුන්වන ස්ථානය දිනා ගන්නා ලදී.

බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩීඑම් ස්වාමිනාතන් ත්‍යාග ප‍්‍රධානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය. ගුවන් හමුදා වූෂු සංචිතයේ සභාපති එයාර් කොමඩොර් එච්බීඩීජේ කරුණාරත්න, ත‍්‍රිවිධ හමුදා නිළධාරීන් සහ සෙසු නිළයන්, අනෙකුත් වූෂු සංගම් සදාමාජිකයින් ඇතුළු  විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි