ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්‍ෂණය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසල සහ ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර
2:10pm on Monday 24th October 2016
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2016 ඔක්තෝම්බර් මස 21 වන දින ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ සහ ගුවන් හමුදා පිදුරුතලාගල කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

පරීක්‍ෂණය ආරම්භ කරමින් ගුවන් හමුදාධිපතිතුමන් දියතලාව සටන් පුහුණු පාසල වෙත පැමිණිමෙන් පසු කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් සී බී ලැබ්රෝයි විසින් සුහදව පිළිගනු ලැබූහ.

මෙහිදී පසුගිය වර්ෂය තුල කදවුර වෙනුවෙන් කල විශිෂ්ඨ සේවාව අගයමින් 17604 බල/සැරයන් ද සිල්වා එස්එස්කේ (අවිකරු විශේෂ 1) ගුවන් හමුදාධිපති සම්මානයෙන් පිදුම් ලැබීය.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක්‍ෂණය සිදුකරමින් සියලූ ස්ථාන පරීක්‍ෂා කරන ලදි. නිරීක්‍ෂණය අවසානයේ ගුවන් හමුදාධිපතිතුමන් විසින් සියලූම නිළධාරීන් සෙසු නිළයන් ඇතුලූ සිවිල් සේවක මහත්ම මහත්මීන් ඇමතීම පුහුණු පාසලේ ප‍්‍රධාන සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදු කරන ලදි. පුහුණු පාසල ඉහල තත්ත්වයකින් පවත්වාගෙන යාම පිළිබදව කදවුරු අණදෙන නිළධාරී ඇතුලූ කදවුරේ සියලූම අයවලූන් සදහා එතුමන් ප‍්‍රශංසා කල අතර ගුවන් හමුදාවේ අභිවෘද්ධිය සදහා ඉදිරියේදීත් සියලූ දෙනාගේ දායකත්වය ලබා දීම අවශ්‍ය බව ගුවන් හමුදාධිපතිතුමන් විසින් ප‍්‍රකාශ කර සිටින ලදි.

අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් පිදුරුතලාගල කදවුරේ වාර්ෂික පරීක්‍ෂණය සදහා පැමිණි අතර කදවුරේ අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එස් පී අබේරත්න විසින් මාර්ග පෙළ කණ්ඩයකට අණ දෙමින් ගුවන් හමුදාධිපතිතුමන් වෙත උත්තමාචාරය පුද කරමින් කදවුර වෙත සුහදව පිළි ගන්නා ලදි. අනතුරුව ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරු පරීක්‍ෂණය සිදුකරමින් කදවුරේ සියලූ ස්ථාන පරීක්‍ෂා කරන ලද අතර කදවුරු සංවර්ධන මට්ටම පිළිබදව එතුමන් ඇගයීමට ලක් කරන ලදි.

වාර්ෂික පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාධිපතිතුමන් විසින් කදවුරේ සියලූම නිළධාරීන් සහ සෙසු නිළයන් අමතමින් කදවුරේ සංවර්ධනය වෙනුවෙන් කර ඇති ප‍්‍රශංසනීය සේවාව වෙනුවෙන් සියලූ දෙනාට එතුමාගේ සුභාශිංසන පිරනමන ලදි.



SLAF Station Pidurutalagala

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි