රොදර්හැම් සර්කිට් මීට් - 2016
2:32pm on Monday 24th October 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබු රොදර්හැම් සර්කිට් මිට් - 2016 මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරඟාවලිය ගුවන් හමුදා කටුකුරුන්ද ධාවන පථයේදී 2016 ඔක්තෝම්බර් මස 23 වන දින පැවත්විණ. මෙම තරඟාවලිය ප‍්‍රවේගකාරි මෝටර් රථ තරග හා යතුරු පැදි ධාවන ඉසව් රාශියක් සහිතව වේග සීමාවන් රහිත උද්වේගකාරී තරඟ අවස්ථාවන්ගෙන් සමන්විත විය.

මෙම අවස්ථාව සදහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහභාගී වූ අතර ගුවන් හමුදා පරිපාලන අධ්‍යක්‍ෂක සහ ගුවන් හමුදා මෝටර් රථ සංගමයේ සභාපති චන්දන වැලිකල, ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් මෙන්ම සෙසු නිළයන් හා මෝටර් රථ ධාවන තරඟ නැරඹීමට කැමති නරඹන්නන් විශාල පිරිසක් ද සහභාගී විය.

මෙම තරාවලියේ සියලූම ආදායම් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සුභ සාධන ව්‍යාපෘති සදහා යොදවනු ලබයි. 2016 රොදර්හැම් සර්කිට් මීට් තරඟාවලියේ අනුග‍්‍රහකයන් ලෙස සොෆ්ටිලොජික්, සියැට්, ලංකා බැංකුව, මහජන බැංකුව, ඊටෙල් සහ හච් සමාගම කටයුතු කරනු ලැබීය.

ඒ බී සී මාධ්‍ය ජාලය නිළ ගුවන් විදුලි මාධ්‍ය ලෙසත් එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ජාතික රූපවාහිනිිය ඔස්සේ මෙම තරගාවලිය සජීවීව විකාශය කරන ලදී.

මෙම තරඟාවලියේ දක්‍ෂතම මෝටර් රථ ධාවකයාට හිමි කුසලානය ඩැරින් වීරසිංහ විසින් හිමිකරගත් අතර දක්‍ෂතම කණ්ඩායමට හිමි කුසලානය සියැට් ශ‍්‍රී ලංකා කණ්ඩායම විසින් හිමිකර ගන්නා ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි