ගුවන් හමුදා දූ දරුවන් සදහා ත්‍යාග පිරිනැමේ
6:29pm on Friday 28th October 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කරන ලද ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ දූ දරුවන් සදහා ත්‍යාග (සෙල්ලම් බඩු හා කථා පොත්) ප්‍රදානය කිරීමේ වැඩසටහනක් 2016 ඔක්තෝම්බර් මස 27 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සේවා වනිතා එකකයේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී අනෝමා ජයම්පති මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ. මෙහිදී සියලුම ගුවන් හමුදා කදවුරු නියෝජනය වන පරිදි ලාංජනික වශයෙන් එම කදවුරුවල සේවා වනිතා අංශභාර නිළධාරීන් හට දූ දරුවන්ට බෙදාදීම සදහා ත්‍යාග භාරදීම සිදුකෙරිණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත නවසීලන්ත රජයෙන් අධ්‍යයන දීමනා ලෙස ලැබුණු මෙම ත්‍යාග ගුවන් හමුදා සේවා වනිතා එකකයේ සභාපතිණියගේ මග පෙන්වීම යටතේ වයස අවුරුදු 10ට අඩු ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ දූ දරුවන් සදහා බෙදාදීම සිදුවිය.

මීට අමතරව සභාපතිණිය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා පුද්ගලයින් පස්දෙනෙකු හට ඔවුන්ගේ ඉල්ලීම් මත නිවාස ණය මුදල් ලබාදීම ද සිදු කෙරිණ.

ගුවන් ලේකම් ගෲප් කැප්ටන් උදේනි රාජපක්ෂ හා සේවා වනිතා ඒකකයේ නිලධාරීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි