කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී වර්ණ සම්මාන උළෙලක්
12:48pm on Monday 31st October 2016
ශී‍්‍ර ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ අතිගරු ජනාධිපති සේනාධිනායක මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමන්ගේ ප‍්‍රධානත්වයෙන් අද (2016  ඔක්තෝම්බර් 27) දින රණවිරුවන් 300 දෙනෙකු සදහා වර්ණ සම්මාන ප‍්‍රධානෝත්සවයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි.

මෙහිදී ති‍්‍රවිධ හමුදාව නියේජනය වන ආකාරයෙන් පරම වීර විභූෂණය, විරෝධාර විභූෂණය, වීර වික‍්‍රම විභූෂණය, රණ වික‍්‍රම පදක්කම සහ රණ ශූර පදක්කම යන පදක්කම් ප‍්‍රදානය කල අතර පසුගිය මානුෂිය  මෙහෙයුමේදී දිවි පිදු රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හටද මෙහිදී පදක්කම් ප‍්‍රදානය කන ලදි.

පරම වීර විභූෂණ පදක්කම යුධමය වාතාවරණයකදී ස්වෙච්ඡාවෙන් සතුරා හමුවේ නිර්භීතව තනි පුද්ගලයෙකු වශයෙන් සිදු කරනු ලබන කි‍්‍රයාවන් ඇගයීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සේවා පුද්ගලයන් (නිත්‍ය/ ස්වෙචිජා) හට ප‍්‍රදානය කරනු ලබන අතර මෙය රටේ ජනාධිපති සේනාවිධායක විසින් සිදු කරනු ලබයි. වර්ණ ප‍්‍රදානෝත්සවයේදී ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සේවා පුද්ගලයින් තිදෙනෙකු හට මෙම පදක්කම ප‍්‍රදානය කල අතර මෙම පදක්කම ලබන්නන් ඔවුන්ගේ නම භාවිතයේදී නමට ඉදිරියෙන් මෙම සංකේතය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි.

වීරෝදාර විභූෂණ පදක්කම යුධමය වාතාවරණයකදී තනි පුද්ගලයෙකු වශයෙන් සිදු කරනු ලබන මානුෂීය කි‍්‍රයාවන් ඇගයීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සේවා පුද්ගලයන් (නිත්‍ය/ ස්වෙචිජා) හට ප‍්‍රදානය කරනු ලබන අතර මෙය රටේ ජනාධිපති සේනාවිධායක විසින් සිදු කරනු ලබයි. වර්ණ ප‍්‍රදානෝත්සවයේදී ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සේවා පුද්ගලයින් 08 දෙනෙකු හට මෙම පදක්කම ප‍්‍රදානය කල අතර මෙම පදක්කම ලබන්නන් ඔවුන්ගේ නම භාවිතයේදී නමට ඉදිරියෙන් මෙම සංකේතය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි.

වීර වික‍්‍රම විභූෂණ පදක්කම සිය බලසේනාවේ කාර්ය අරමුණු මුදුන්පත් කර ගැනීම පහසු කරවීමේ අභිප‍්‍රායෙන් ආත්මාරක්‍ෂාව ගැන නොතකා තමා විසින් කරන ලද වික‍්‍රමාන්විත කි‍්‍රයාවන් ඇගයීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සේවා පුද්ගලයන් (නිත්‍ය/ ස්වෙචිජා) හට ප‍්‍රදානය කරනු ලබන අතර මෙය රටේ ජනාධිපති සේනාවිධායක විසින් සිදු කරනු ලබයි. වර්ණ ප‍්‍රදානෝත්සවයේදී ශී‍්‍ර ලංකා යුධ හමුදාවේ සේවා පුද්ගලයින් 58 දෙනෙකු හට මෙම පදක්කම ප‍්‍රදානය කල අතර මෙම පදක්කම ලබන්නන් ඔවුන්ගේ නම භාවිතයේදී නමට ඉදිරියෙන් මෙම සංකේතය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි.

සතුරා හමුවේ තනි තනි වශයෙන් ප‍්‍රදර්ශනය කරන ලද වීරත්වය වෙනුවෙන් කරන ලද ඇගයීම මගින් මෙම රණ වික‍්‍රම පදක්කම ති‍්‍රවිධ හමුදාවේ සේවා පුද්ගලයන් (නිත්‍ය/ ස්වෙචිජා) හට ප‍්‍රදානය කරනු ලබන අතර මෙය රටේ ජනාධිපති සේනාවිධායක විසින් සිදු කරනු ලබයි. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන් නියෝජනය කරමින් යුධ හමුදාවේ 71 දෙනෙකු නාවික හමුදාවේ 02 නෙකු සහ ගුවන් හමුදාවේ 11 දෙනෙකු රණවික‍්‍රම පදක්කම් ලාභීන් අතරට එක්විය.

රණ ශූර පදක්කම සතුරා හමුවේ සතුරු වුවදුරු වලට මුහුණ පාමින් දැක්වූ විශිෂ්ඨ පැවැත්ම අගය කිරීම උදෙසා මෙම විභූෂණය ති‍්‍රවිධ හමුදාවේ සේවා පුද්ගලයන් (නිත්‍ය/ ස්වෙචිජා) හට ප‍්‍රදානය කරනු ලබන අතර මෙය රටේ ජනාධිපති සේනාවිධායක විසින් සිදු කරනු ලබයි. මෙම සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ති‍්‍රවිධ හමුදාවේ රණවිරුවන් නියෝජනය කරමින් යුධ හමුදාවේ 71 දෙනෙකු නාවික හමුදාවේ 43 දෙනෙකු සහ ගුවන් හමුදාවේ 21 දෙනෙකු මෙම විභූෂණය හිමි විය. මෙම පදක්කම ලබන්නන් ඔවුන්ගේ නම භාවිතයේදී නමට ඉදිරියෙන් මෙම සංකේතය භාවිතා කිරීමට සුදුසුකම් ලබයි.

මෙම ප‍්‍රදානෝත්සවය සදහා අග‍්‍රමාත්‍ය ගරු රනිල් වික‍්‍රමසිංහ මැතිතුමා, ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා, ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ගරු ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා, යුධ හමුදාපති ලෙෆ්ටිනන් ජෙනරල් කි‍්‍රෂාන්ත ද සිල්වා මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා  සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ඇතුළු නිළධාරීන් සෙසු නිළයන් සහ දිවි පිදු රණවිරුවන්ගේ දෙමාපියන්, භාර්යාවන්, ඔවුන්ගේ දරු දැරියන් මෙන්ම යුධ සමයේ ආබාධිත වූ රණවිරුවන් ඇතුළු ආරාධිත සමිභාවනීය අමුත්තන් පිරිසක් සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි