ශී‍්‍ර ලංකා ගුවන් හමුදා නව නිපැයුකරුවන් සදහා සම්මාන
2:00pm on Friday 4th November 2016
ශී‍්‍ර ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම මගින් සංවිධානය කල සහසක් නිමැයුම් තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව මගින් ඉංජිනේරු වර්ගීකරණය යටතේ ඉදිරිපත් කරන ලද නව පර්යේෂණ ව්‍යාපෘති හතරක් සදහා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. ජාතික නව නිපැයුම්කරුවන්ගේ දිනයට සමගාමීව සංවිධානය කර තිබූ මෙම තරගාවලිය 2016 ඔක්තෝම්බර් මස 26 වන දින අති ගරු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ සහභාගීත්වයෙන් නෙලූම් පොකුණ රංගන ශාලාවේදී පැවැත්විණි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව විසින් දිනාගත් සම්මාන ව්‍යාපෘති පහත සදහන් පරිදි වේ.

අ.    පරිවර්ථක අඩු ධාරිතාවයක් යොදාගෙන අඩු විදුලි බලයක් වැය කරමින් කටුනායක කදවුරේ පිහිටි යාන්ති‍්‍රක සහ ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු පක්‍ෂාංගය, ගුවන් ධාවන පථ සහ පිවිසුම් මාර්ගය හා අංගනය සදහා ආලෝකය බෙදා හැරීම. (රන් පදක්කම)

ආ.    කටුනායක කදවුරු අංක 05 බලඝණය මගින් එෆ්-7 ගුවන්යානය සදහා ඩ්‍රොෆ් ටෑන්ක් පිලෝන් පරීක්‍ෂකයක් නිර්මාණය කිරීම. (රන් පදක්කම)

ඇ.    කටුනායක කදවුරු අංක 10 බලඝණය මගින් ටැකෝ ජෙනරේටරය සහ දර්ශක පරීක්‍ෂක වැඩි දියුණු කිරීම. (ලෝකඩ පදක්කම)

ඈ.    ගුවන් හමුදා මූලස්ථාන තොරතුරු තාක්‍ෂණික පක්‍ෂාංගය විසින් රේඩාර් තොරතුරු ඒකාබද්ධ පද්ධතිය නිර්මාණය සහ සංවර්ධනය කිරීම. (ලෝකඩ පදක්කම)

මෙම තරගාවලිය සදහා ලංකාව පුරා නව නිමැවුම්කරුවන් ව්‍යාපෘති 287 ක් ඉදිරිපත් කර ඇති අතර ඒ අතුරින් ගුවන් හමුදාවට රන් පදක්කම් 02 ක් සහ ලෝකඩ පදක්කම් 02 ක් ලබා ගැනීමට හැකිවීම ගුවන් හමුදා නව නිමැවුම්කරුවන්ගේ විශේෂ හැකියාවන් බෙහෙවින් අගය කල යුතු අවස්ථාවක් විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි