ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව 2016 හැකර් අභියෝගතා තරගාවලියේ දෙවන ස්ථානය දිනා ගනී
2:50pm on Saturday 5th November 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සයිබර් ආරක්‍ෂක මෙහෙයුම් මධ්‍යස්ථානයේ සහයෝගයෙන් ඉතා ඉහල දක්‍ෂතාවයන් ඇති හැකර් කණ්ඩායම් පරදවා 2016 හැකර් අභියෝගතා තරගාවලියේ දෙවන සහ හතරවන ස්ථාන දිනා ගැනීමට ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව සමත් විය. මෙම තරගාවලිය 2016 වර්ෂයේ සයිබර් ආරක්‍ෂක සතියට සමගාමීව සයිබර් ආරක්‍ෂාව පිළිබද වාර්ෂික ජාතික උත්සවයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා පරිගණක හදිසි ප‍්‍රතිචාර සංසදය විසින් සංවිධානය කරන ලදි.

මෙය තාක්‍ෂණ වෘත්තිකයන් සදහා ජාතික මටිටමින් පවත්වනු ලබන තරගාවලියක් වන අතර එය ඔවුන්ගේ තොරතුරු ආරක්‍ෂක කුසලතාවයන් පිළිබදව උරගා බලන අවස්ථාවක්ද විය. මෙහිදී තොරතුරු තාක්‍ෂණ පද්ධතියන්හි ආරක්‍ෂාව පිළිබද ඇති දුර්වල ස්ථාන පරීක්‍ෂා කර බලා හදුනා ගැනීමෙන් අනතුරුව ඊට ප‍්‍රතිරෝධී පියවර ගැනීමේ ඇති හැකියාව පිළිබදව පිරික්සන ලදි. මෙම තරගය මුලූ දිවයින නියෝජනය කරමින් කණ්ඩායම් 14 කගේ සහභාගීත්වයෙන් 2016 ඔක්තෝම්බර් මස 03 වන දින පවත්වන ලදි. තරගාවලිය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් තරග වැදුනු අතර ගුවන් හමුදා කොපර්හෙඩ් කණ්ඩායම දෙවන ස්ථානය හිමි කර ගනිමින් 1 වන අනුශූරයන් බවට පත්විය. ගුවන් හමුදා බැලැක් ප්ලේයර්ස් කණ්ඩායම හතරවන ස්ථානය හිමි කර ගනිමින් තුන්වන අනුශූරයන් බවට පත්විය.  

2016 නොවැම්බර් මස 02 වන දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී සයිබර් ආරක්‍ෂාව පිළිබද ජාතික සම්මන්ත‍්‍රණය අතරතුරදී මෙම තරගාවලියේ සම්මාන ප‍්‍රධානෝත්සවය පැවැත්වුණු අතර එහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප‍්‍රනාන්දු මහතා සහභාගී වූහ.

සම්මාන උළෙල සදහා ප‍්‍රධාන තොරතුරු තාක්‍ෂණික නිළධාරී එයාර් කොමඩෝර් ඒ එස් විතාන මහතාද සහභාගී විය.


පළමු අනුශූරතා කණ්ඩායම - කොපර්හෙඩ්

32715    කෝප‍්‍රල්                  තිලකරත්න එල්එම්සීඑස්
32997    කෝප‍්‍රල්                  කිරිගේ කේඒඑස්අයි
44153    නායක ගුවන් භට     රණසිංහ ආර්ඒඑන්තේ

තුන්වන අනුශූරතා කණ්ඩායම - බිලැක් ප්ලේයර්ස්

03206    ෆ්ලයිට් ලෙෆ්ටිනන්    ඩබ්ඒඑල්එස් වීරසිංහ
41112     නායක ගුවන් භට      සෙනෙවිරත්න එම්එම්
43981    නායක ගුවන් භට      සේනානායක එස්ඒඑස්ටී

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි