ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු රෝහල් ඒකකය මගින් භාහිර වෛද්‍ය උපදේශකයන්ගේ දස්කම් අගයයි.
2:57pm on Saturday 5th November 2016
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසිද්ධ විශේෂඥ වෛද්‍ය උපදේශකවරුන් ස්ව කැමැත්ත මත උපදේශක සායන හා කි‍්‍රයාකාරකම් සිදු කිරීම සදහා නිතිපතා රත්මලාන ගුවන් හමුදා රෝහල් පරිශ‍්‍රයේ සංචාරය කරයි.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා විසින් කදවුරු රෝහල සමග සම්බන්ධීකරණ වෙමින් 2016 ඔක්තෝම්බර් මස 16 වන දින ගුවන් හමුදා කෞතුකාගාර ආපන ශාලා පරිශ‍්‍රයේදී එම විශේෂඥ වෛද්‍යවරුන් හට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කරන ලදි.

මෙම උත්සවය සදහා පහත සදහන් උපදේශකවරුන් සමග ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගී වූහ.

මහාචාර්ය ජයමිණී සෙනෙවිරත්න (උපදේශක චර්ම රෝග)
වෛද්‍ය උපුල් දිසානායක (සර්වාංග විශේෂඥ වෛද්‍ය)
ආචාර්ය දමයන්ති සමරසිංහ මහත්මිය (අක්ෂ ශල්‍ය විශේෂඥ)
ආචාර්ය මහානාම ගුණසේකර (ශල්‍ය වෛද්‍ය)
ආචාර්ය එම්ඒආර්එස්බී දිසානායක මහතා ( නිර්වින්දන උපදේශක)
ආචාර්ය ඞී ඞී ජයසේකර මහතා (උපදේශක උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය)
ආචාර්ය අර්ජුන ප‍්‍රනාන්දු මහතා (උපදේශක ස්නායු)
ආචාර්ය එස් ෂන්මුගනාදන් (උපදේශක  ඕඑම්එෆ් ශල්‍ය වෛද්‍ය)
හර්ශනී මීගස්වත්ත මහත්මිය (ජේ්‍යෂ්ඨ පෝෂණවේදිනී)

මෙම උත්සවය සදහා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එස් කේ පතිරණ මහතා සහ රත්මලාන රෝහල් අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් පීඒවී පද්මපෙරුම ඇතුළු නිළධාරීන් හා ඔවුන්ගේ සැමියන් බිරින්දෑවරුන් සහභාගී වූහ.

   
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි