ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දාවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
7:22pm on Tuesday 8th November 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා කොළඹ නාලන්දා විද්‍යාලය විසින් පිරිනමනු ලබන ඉහලම සම්මානය වන "නාලන්දා කීර්ති ශ‍්‍රී සම්මානයෙන්" අද (2016 නොවම්බර් මස 08)  දින පිදුම් ලබන ලදී. මෙම සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පවත්වන ලදී.

මෙම සම්මානය නාලන්දා විද්‍යාලයේ වසරකට වරක් දීප්තිමත්ම ආදි ශිෂ්‍යයාට පිරිනමනු ලබන අතර සම්මාන උළෙල නාලන්දා විද්‍යාලයේ ආදි බාලදක්ෂ සම්මේලනය හා එක්ව විද්‍යාලයේ විදුහල්පතිතුමන්, ගුරුමණ්ඩලය හා සිසු දරුවන් විසින් සංවිධානය කරන ලදී.

අධ්‍යාපන අමාත්‍ය ගරු  අකිල විරාජි කාරියවසම් මහතා අතින් ගුවන් හමුදාධිපතිතුමන් මෙම සම්මානය ලබා ගන්නා ලද අතර  නාලන්දාවේ  ආදි සහ වර්ථමාන සිසුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි