ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා කදවුර කොළඹ
1:35pm on Tuesday 15th November 2016
2016 නොවැම්බර් මස 10 වන දින ගුවන් හමුද මූලස්ථානයේ පැවති ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණයෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් 2016 නොවැම්බර් මස 11 වන දින ගුවන් හමුදා කොළඹ කදවුරේ ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණය සිදු කරන ලදි.

ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණය ආරම්භ කරමින් කොළඹ කදවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ප‍්‍රසන්න පායෝ විසින් එතුමන් පිළිගනු ලැබූ අතර මාර්ග පෙළ කණ්ඩයක් මගින් ගුවන් හමුදාපති තුමන් හට උත්තමාචාරය පුද කරන ලදි.

ගුවන් හමුදාපතිතුමන් විසින් කදවුරේ සියලූ ස්ථාන පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව චාරිත‍්‍රානුකූලව සියලූ නිළයන් සදහා සූදානම් කරන ලද දිවා ආහාරය සදහා එතුමන් කදවුරු නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමග සහභාගී විය. වාර්ෂික පරීක්‍ෂණය අවසන් කරමින් ගුවන් හමුදාපති තුමන් විසින් සියලූ නිළයන් අමතමින් ගුවන් හමුදා මූලස්ථානය සහ කොළඹ කදවුරු පරිශ‍්‍රය ඉතා ඉහල මට්ටමකට ගෙන ඒමට සහ පවත්වාගෙන යාම වෙනුවෙන් සියලූ නිළයන්ට ප‍්‍රසංසා කරන ලදි. තවද සියලූ නිළයන් සදහා සහනදායී මිලට ගුණාත්මක කෑම ෙවිලක් ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට කොළඹ කදවුරු අණදෙන නිළධාරීට උපදෙස් ලබා දීම සහ මෙතෙක් දිවා සුරකුම් මධ්‍යස්ථානයේ ළමුන් රැුක බලා ගැනීම වෙනුවෙන් අයකරනු ලබන මුදල අය නොකිරීමට සහ එම මුදල ගුවන් හමුදා සුභසාධක අරමුදල මගින් පියවීමට කටයුතු කරන බවද එතුමන් විසින් ප‍්‍රකාශ කර සිටින ලදි.

කොළඹ කදවුරු පරිශ‍්‍රයේ පරීක්‍ෂණයෙන් සහ සියලූ නිළයන් ඇමතීමෙන් අනතුරුව එතුමන් තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමණාකරණ මධ්‍යස්ථානය සහ තුම්මුල්ල ගුවන් හමුදා නිළධාරී නිවස්න පරීක්‍ෂණය සිදු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි