ශ්‍රී ලංකා ගුවන් හමුදා දෙවන ගුවන් යානා බලඇණිය ප්‍රජා ව්‍යාපෘතියක
4:29pm on Thursday 17th November 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා දෙවන ගුවන් යානා බලඇණිය විසින් සංවිධානය කල දකුණු සුඩානයේ බොර් හී බ්ලැක් ඊගල් පාසලෙහි දූ දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් බලඇණියේ ප්‍රධාන නිළධාරී විංග් කමාන්ඩර් සුමුදු දහනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 2016 නොවැම්බර් මස 09 වැනි දින පැවැත්විණ.
 
මෙහිදී මෙම පාසලෙහි දූ දරුවන් සදහා අධ්‍යාපන ද්‍රව්‍ය, ආහාර ද්‍රව්‍ය හා සලාක පාර්සල් බෙදාදුන් අතර පාසල් නාමපුවරුව ද  ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම අවස්ථාවට සිවිල් වැසියන් ආරක්ෂා කිරීමේ උපදේශක ගිල්බට් නන්ට්සා මහතා, ජොන්ග්ලේ රාජ්‍යයේ ක්ෂේත්‍ර පරිපාලක ලිබන් හජ්ජි මහතා, ඇපෙට් සැලසුම් අධ්‍යක්ෂක ඩැනියෙල් මහතා, දකුණු සුඩාන අධ්‍යාපන අමාත්‍යතුමන් ඇතුලු ආරාධිත අමුත්තන් රැසක් ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් කිහිප දෙනෙකු ද, පාසල් කාර්ය මණ්ඩලය, ගුවන් සේවා බලඇණියේ නිලධාරීන් හා සෙසු නිළයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි