රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හත්වන සංවත්සරය සමරයි
4:32pm on Thursday 17th November 2016
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ හත්වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්, වෛද්‍ය සායනයක්, දානමය පින්කමක් සහ යශෝධරාදේවී බාලිකා නිවාසයේ ළමයින් සඳහා ත්‍යාග බෙදාදීමේ වැඩසටහනක් 2016 නොවැම්බර් මස 02 වන දින පවත්වන ලදී.

මීට අමතරව ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ පරිත්‍යාග වැඩසටහනක් 2016 නොවැම්බර් මස 11 වන දින මහරගම පිළිකා රෝහලේ අංක 17 වාට්ටුවේදී පවත්වන ලදී.  

රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සංවත්සර පෙළපාලිය 2016 නොවැම්බර් මස 11 වන දින උදෑසන රොහල් අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් පී ඒ වී පද්මාපෙරුම නිළධාරීතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

තවද සුහද ක‍්‍රිකට් තරඟයක් රෝහල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් රත්මලාන කඳවුරු ක‍්‍රිඩාංගනයේදී එදින සවස පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි