පම්පේමඩු අනාථ නිවාසයට ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් සේවා වනිතා ඒකකය පෝෂණ සලාක ප‍්‍රදානය කරයි.
4:34pm on Thursday 17th November 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ප්‍රජා සේවා වැඩසටහනක් ලෙස පම්පේමඩු අනාථ නිවාසයෙහි ශ්‍රමදාන ව්‍යාපාරයක් සහ එම නිවාසයේ අසරණව සිටින දරුවන් 20 දෙනෙකු හා වැඩිහිටි පුද්ගලයින් 115 දෙනෙකු සදහා ආහාර, රෙදිපිළි සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාදීමේ වැඩසටනක් 2016 නොවැම්බර් මස 14 වන දින පැවැත්විණ.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ නියෝග පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසලේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් පී එස් එන් ප්‍රනන්දු මහතාගේ මගපෙන්වීම යටතේ පැවැත්වුණු මෙම අවස්ථාවට නිලධාරීන්, සෙසු නිළයන් ඇතුලු (150) පිරිසක් සහභාගී වූහ.

මෙම ශ්‍රමදාන ව්‍යාපාරයේදී අවට පරිසරය හා ගොඩනැගිලි ඇතුලු සියලුම ස්ථාන පිරිසිදු කිරීම සිදුකරන ලද අතර සියලු කටයුතු අවසානයේ කැලිප්සෝ සංගීත වාදනයන් සමග එම දරුවන් සහ වැඩිහිටියන් හට ගායන සහ නර්තන දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක්ද ලබාදෙන ලදී. ඉන්පසුව සියලුම දෙනා හට දිවා ආහාරය ලබාදීමෙන් අනතුරුව පෝෂණ මලු සහ තෑගි පාර්සල් ද බෙදා දෙන ලදී. අණදෙන නිළධාරීතුමන්, නිළධාරීන් ඇතුලු සෙසු නිළයන් මෙහිදී ඔවුන් සමග සතුට බෙදා හදා ගනිමින් කාලය ගත කළේය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි