පෙර පාසල් දරුවන් තම හැකියාවන් ප‍්‍රදර්ශනය කරයි
6:21pm on Monday 9th August 2010
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වව්නියාව කඳවුරු පෙර පාසලේ සිසුන් විසින් නිමකරන ලද අත් වැඩ ප‍්‍රදර්ශනයක් පසුගිය අගෝස්තු මස 06 වන දිනදී පවත්වනු ලැබිණි.

දරුවන්ගේ සහජ හැකියාවන් වර්ධනය කිරීම අරමුණු කොට ගෙන පවත්වනු ලැබූ මෙම ප‍්‍රදර්ශනය සඳහා පෙර පාසල් දරුවන් 18 දෙනෙකු තම නිර්මානයන් ඉදිරිපත් කරන ලදී.

මෙම ප‍්‍රදර්ශනයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගුවන් කොමදොරු කේ.එෆ්.ආර්. ප‍්‍රනාන්දු සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි