ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිතුරක්ගොඩ කදවුර සිය 38 වන සංවත්සරය සමරයි
2:09pm on Tuesday 29th November 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හිගුරක්තොඩ කදවුර සිය 38 වන සංවත්සරය 2016 නොවැම්බර් මස 23 වන දින සමරන ලදි. කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ආර්එස් වික‍්‍රමරත්න නිළධාරිගේ මගපෙන්වීම යටතේ කදවුරු සියලු නිළධාරීන් සෙසු නිළයන් සහ සිවිල් කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් විනෝදාත්මක කි‍්‍රයාකාරකම් රැුසක් සංවිධානය කරන ලදි.

සංවත්සර දිනය ආරම්භය සනිටුවහන් කරමින් එදින උදෑසන පෙළපාලිය කදවුරු වැඩබලන අණදෙන නිළධාරී විසින් පරීක්‍ෂණයට ලක් කිරීමෙන් අනතුරුව සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් සුහද කි‍්‍රකට් තරගාවලියක් සංවිධානය කරන ලදි.  අනතුරුව සියලු නිළයන්ගේ සහභාගීත්වයෙන් දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු සංවත්සර දින සැමරුම නිමාවිය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි