ජාතික සුපර් ලීග් වොලිබෝල් තරගාවලිය ගුවන් කාන්තාවන් හිමි කර ගනී
10:38am on Thursday 1st December 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා 2016 ජාතික සුපර් ලීග් වොලිබෝල් තරගාවලියේ අවසන් මහා තරගය 2016 නොවැම්බර් මස 26 වන දින මහරගම ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී පැවැත්වුණු අතර එහිදී ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම සහ මාස් කැෂුවල් ලයින් කි‍්‍රඩා සමාජ කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් මාස් කැෂුවල් ලයින් කි‍්‍රඩා සමාජ කාන්තා කණ්ඩායම පරදා වට 3 ට 0 ක් (25-12 25-12 සහ 29-19) ලෙස වාර්ථා කරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා වොලිබෝල් කණ්ඩායම ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය.

කි‍්‍රඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා අවසන් මහා තරගයේ ප‍්‍රදාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සමාජිකයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී විය.

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කි‍්‍රඩිකාවන් පහත පරිදි විශිෂ්ටතා සම්මාන දිනා ගැනීමට සමත්විය.

හොදම සේවා
ගුවන් කාන්තා 01370 සඳමාලි ඒඑල්ඒ

දක්‍ෂතම පන්දු පිරිනමන්නා
ගුවන් කාන්තා 01369 ජයතුංග ඩබ්ඒසී

හොඳම ප‍්‍රහාරකයා
ගුවන් කාන්තා 3371 ප‍්‍රසාදිනී ජේඑචිපී

හොඳම අවහිර කරන්නා
ගුවන් කාන්තා 01867 රණසිංහ ආර්එම්ඒජීසී

හොඳම ආරක්‍ෂකයා
ගුවන් කාන්තා 01374 මදුරංග බීඑම්එස්

හොඳම කි‍්‍රඩකයා
ගුවන් කාන්තා 01867 රණසිංහ ආර්එම්ඒජීසී

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි