ගුවන් හමුදා නත්තල් කැරොල් ප‍්‍රසංගය 2016
3:57pm on Thursday 15th December 2016
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ”වින්ටර් සොල්ස්ටිස්” නත්තල් කැරොල් ප‍්‍රසංගය පසුගිය දෙසැම්බර් මස 09 වන දින ආරක්‍ෂක සේවා විද්‍යාලයීය ශ‍්‍රවනාගාරයේදී පවත්වන ලදී. ශ‍්‍රි ලංකා ගුවන් හමුදා   තූර්ය වාදක කණ්ඩායමේ සංගීතයට ගුවන් හමුදා සාමජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විසින් කැරොල් ප‍්‍රසංගය ඉදිරිපත් කරන ලදී.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, කැරොල් ප‍්‍රසංගයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වු ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා පිළිගනු ලැබුවාය.

ගුවන් හමුදා අධ්‍යක්‍ෂක මණ්ඩලය, නිළධාරීන්, සෙසු නිළයන්, දරු දැරියන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැුසක්ද  කැරොල් සංගීතයේ රස විඳගැනීමට  මෙම අවස්ථාවට එක් වූහ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි