ගුවන් හමුදා කැඩෙට් නිළධාරීන් අධිකාරියට පත්වීමේ සහ ආධුනිකයින්ගේ විසිරයාමේ පෙළපාලියක් ශි‍්‍ර ලංකා ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී
10:40am on Wednesday 18th January 2017
සුරකිමු ලකඹර පාඨය තේමා කර ගනිමින් ශ‍්‍රීලාංකීය නිල් ගුවන සුරකින ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ අභිමානවත් කර්තව්‍යට උරදීම සඳහා ගුවන් හමුදා සාමාජිකයෙකු සමාජිකාවක ලෙස ගුවන් හමුදා සේවයට එක්වන අංක 56 වන කෙඩෙට් නිලධාරී පාඨමාලාව හා අංක. 08 වන කෙඩෙට් නිලධාරිණී පාඨමාලාව හැදෑරූ නිළධාරීන් නිළධාරිණියන් අධිකාරියට පත් කිරීම , 84 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාව හැදෑරූ කැඩෙට් නිළධාරීන් හට පියාසර නිල ලාංජන පැළඳවීම සහ අංක 162 වන නිත්‍ය ආධුනික ගුවන් භට පාඨමාලාව සහ අංක 32 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාව සාර්ථකව හැදෑරූ ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන්ගේ අභිමානවත් විසිරයාමේ පෙළපාලිය ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේදී 2017 ජනවාරි 13 වන දින ඉතා සාර්ථකව අවසන් විය.

     මෙම විසිරයාමේ පෙළපාලියේ පෙළපාලි අණදෙන නිළධාරී වශයෙන් ගෲප් කැප්ටන් එච් ඞී හියුමාල් ධර්මදාස කටයුතු කරන ලදී. මෙහිදී අංක 56 වන සහ අංක 08 වන කෙඩෙට් නිලධාරී/ නිලධාරිණී පාඨමාලාවෙහි නිලධාරී/ නිලධාරිණීයන් 40දෙනෙකු අධිකාරියට පත් වූ අතර 84 වන පියාසර කැඩෙට් නිලධාරී පාඨමාලාවෙහි පියාසර කෙඩෙට් නිලධාරීන් 04දෙනෙකු හට පියාසර නිල ලාංජන පැළඳවීය. අංක 162 වන නිත්‍ය ආධුනික ගුවන් භට සහ අංක 32 වන නිත්‍ය ආධුනික ගුවන් කාන්තා පාඨමාලාවන් ඉතා සාර්ථකව හැදෑරූ ආධුනික ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන් 621 දෙනෙකු මෙහිදී විසිර ගියහ. මෙම පාඨමාලාවන්හී සුවිශේෂී දක්ෂතා දැක්වූ කෙඩෙට් නිළධාරී/නිළධාරිණියන් හා ආධුනික ගුවන්භට ගුවන් කාන්තාවන් හට විශේෂ සම්මාන ප‍්‍රධානය කරන ලදී.


මෙම විසිරයාමේ පෙලපාලිය අභිමානවත් බව තවත් වැඩි කරමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අංක 01 පියාසර පුහුණු පක්ෂාංගය මගින් පැමිණ සිටි සියන්‍දා දෙනා අමන්දානන්දයට පත්කරමින් ගුවන් කරනම් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී. ඉන් අනතුරුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා තූර්්‍ය වාදක කණ්ඩායම සහ ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය එක්ව විචිත‍්‍රවත් සරඹ සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

    ලකඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කල අතර ආධුනික ගුවන් භටයින් විසින් ඔවුන් පුහුණුවන ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින් සතුරු කදවුරු වලට ප‍්‍රහාරයක් දියත් කරන ආකාරයේ කි‍්‍රයාදාම සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙම විසිරයාමේ උත්සවය සදහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා,  අධ්‍යක්‍ෂක මණ්ඩලයේ නිළධාරීන් සහ ගුවන් හමුදා චීනවරාය විද්‍යාපීඨයේ පීඨාධිපති එයාර් වයිස් මාර්ෂල් පී ඞී කේ ටී ජයසිංහ මහතා ඇතුන්‍දා අනෙකුත් නිළධාරීන් හා සෙසු නිළයන් ද ආධුනික කෙඩෙට් නිළධාරී/නිළධාරිණී හා නිත්‍ය ගුවන් භට/ගුවන් කාන්තාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද යුධ , නාවික හමුදාවල සහ පොලීසියේ නිළධාරීන් ද සහභාගී විය.

  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි