18 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
10:16am on Tuesday 31st January 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මකල ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2017 ජනවාරි 30) දින මාවතගම, කුරුණෑගල ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. ඉදිකරන ලද නිවස 16922 බලලත් නිළධාරි ඒ පී එන් කරුණාරත්න හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.   

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ ඒකල ගුවන් හමුදා වෘතීය පුහුණු පාසල මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

 ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්‍ෂක එයාර් කෙමඩෝර්  පි‍්‍රයන්ත වීරසිංහ මහතා, ඒකල ගුවන් හමුදා වෘතීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් ජූඩ් පෙරේරා මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි