19 වන ගුවන් ලක් සෙවන නිවස ප‍්‍රදානය කෙරේ
12:22pm on Tuesday 7th February 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් කි‍්‍රයාත්මකල ගුවන් ලක් සෙවන නිවාස ව්‍යාපෘතිය යටතේ සම්පුර්ණයෙන් ඉදිකර නිම කරන ලද නිවසක් ප‍්‍රදානය කිරීම අද (2017පෙබරවාරි 06) දින වල්පිට අකුරැස්ස ප‍්‍රදේශයේදී සිදු කරන ලදී. ඉදිකරන ලද නිවස 19106 බලපන්ති සැරයන් පනංගල ආර් සී හට ප‍්‍රදානය කිරීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදු කරන ලදී.   

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ මූල්‍යමය දායකත්වයෙන් ගුවන් හමුදා සිවිල් ඉංජිනේරු අධ්‍යක්‍ෂක කාර්යාලයේ අධීක්‍ෂණය යටතේ කොග්ගල ගුවන් හමුදා කඳවුර මගින් මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කරන ලදී.

 ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී අනෝමා ජයම්පති මහත්මිය, ගුවන් හමුදා සුභසාදක අධ්‍යක්‍ෂක එයාර් කෙමඩෝර්  පි‍්‍රයන්ත වීරසිංහ මහතා, කොග්ගල ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කපිතාන් හියුමාල් ධර්මදාස මහතා, ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු නිළධාරීන් සහ සෙසු නිළයන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි