ශ‍්‍රිී ලංකා හමුදා වෛද්‍ය සංගමයේ පළමු සංවත්සරික විද්‍යාත්මක සැසිය
4:26pm on Monday 20th March 2017
ශ‍්‍රීි ලංකා හමුදා ඉතිහාසයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ‍්‍රිී ලංකා හමුදා වෛද්‍ය සංගමයල ඔවුන්ගේ පළමු සංවත්සරික විද්‍යාත්මක සැසි වාරය පසුගිය සතියෙහි පැවැත්විය. හමුදා වෛද්‍ය විද්‍යාව ශ‍්‍රී ලංකාවේ දැක්ම, යන තේමාව යටතේ
මෙහි පූර්ව විද්‍යාත්මක සැසිය මාර්තු 10 වන සිකුරාදා දින උදැසන යුධ හමුදා මහ රෝහල කොළඹදි හා එහි සංවත්සරික විද්‍යාත්මක සැසිය මාර්තු මස 11 වන සෙනසුරාදා දින සන්ද්‍යා භාගයේදී අත්තිඩිය ඊගල් ලේක් සයිඞ් හෝටලේදී පවත්වන
ලදි.

සමාරම්භක උළෙලෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශ ලේකම් අනුර ඡයවික‍්‍රම මහතා හා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කේ ඒ ගුණතිලක මහතා සහභාගි විය. අනෙකුත් සම්භාවනීය අමුත්තන් ලෙස අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරචිචි මහතා, යුධ හමුදාධිපති. නාවික හමුදාධිපති සහ ගුවන් හමුදාධිපති ඇතුළු ත‍්‍රිවිධ හමුදාවේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයන්හි ඉහළ නිලධාරීීන් ඇතුළු
250 කට අධික ආරාධිත අමුත්තන් ප‍්‍රමාණයක් සහභාගි විය.

ආරම්භක සභාපති වෛද්‍ය රියර් අද්මිරාල් ( විශ‍්‍රාමික) එන්ඊඑල්ඩබ් ඡයසේකර මහතා විසින් අපගේ පෞඩ ඉතිහාසයේ සිට වර්ථමාන යුගය දක්වා හමුදා වෛද්‍ය විද්‍යාවේ මෙහෙවර යුග 05 ක් යටතේ සංක්‍ෂීප්ත වාර්තාවක් සභාවට ඉදිරිපත් කරන
ලද අතරල සංගමය පිහිටුවීමේ ගමන් මග පිළිබඳවද කෙටි විස්තරයක්ද ඉදිරිපත් කරන ලදි. තවද සෙසු රටවල් 118 ක් සමග ශී‍්‍රී ලංකාව ජාත්‍යන්තර හමුදා වෛද්‍ය සංගමයේ සාමාජිත්වය ලබාගෙන ඇති බව ඔහු විසින් වැඩිදුරටත් දන්වා සිටින ලදි.

සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය අමාත්‍යංශ ලේකම්තුමා විසින් රැස්ව සිටි පිරිස අමතමින් හමුදා වෛද්‍ය විද්‍යාව ශ‍්‍රී ලංකාවේ සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව සමග සම්බන්ධීකරණය කිරීම පිළිබදව කෙටි දේශනයක් ගෙනහැර දැක්විය. ඉන්පසු ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානීද රැස්ව සිටි පිරිස ඇමතූහ.

මෙම සංගමයේ ප‍්‍රධාන අරමුණු වශයෙන් එහි සාමාජිකයන් හඳුනාගෙන ඇත්තේ අඛණ්ඩ වෘත්තීය සංවර්ධන කටයුතු කිරීම, පුහුණුව ලබාදීම, වෛද්‍ය පර්යේෂණ කටයුතු සිදු කිරීම, ප‍්‍රතිපත්ති සකස් කිරීම, සම්පත් සංවර්ධනය කිරීම, සමාජ සත්කාරක
සේවා වල යෙදිීම හා සාමාජිකයින් අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීම වේ.

මෙහි ආරම්භය 2016 මාර්තු මස 18 වන දින සිදුවු අතර එහිදී ආරම්භක සභාපති නාවික හමුදාවේ විශ‍්‍රාමික වෛද්‍ය රියර් අද්මිරාල් එන්ඊඑල්ඩබ් ජයසේකර, ශී‍්‍රලංකා යුධ හමුදාවේ මේජර් ජෙනරාල් එස් මුණසිංහ සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවේ ගෲප් කපිතාන් එල්ආර් ජයවීීර යන ත‍්‍රිවිධ හමුදා නිළධාරීීන් මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. මෙහිදි විධායක කමිටු සාමාජිකයින් සහ නිළධාරි මණ්ඩලය ලෙස, පත්කිරීමට නියමිත සභාපති මේජර් ජෙනරාල් එස් මුණසිංහ මහතාද, උප සභාපති එයාර් කොමදෝරු එල්ආර් ජයවීීර, ලේකම් වෛද්‍ය කොමණ්ඩර් එම් විජේනායක, උප ලේකම් වරුන් ලෙස ලූතිනන් කර්නල් එස්එල්එස් කුමාරගේ සහ විංග් කොමාණ්ඩර් බීආර් බෝෂාල භාණ්ඩාගාරික ලෙස ලුතිනන් කොමාණ්ඩර් එච්ඒ රත්නකීර්ති, උප භාණ්ඩාගාරික වශයෙන් විංග් කොමාණ්ඩර් පීවීබී දිසානායක සහ කතෘ ලෙස ලුතිනන් කර්නල් ඒ බාලසූරිය ද තෝරා පත්කර ගන්නා ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි