2017 වර්ෂයේ නිළධාරීන් සදහා පළමු ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබද වැඩමුවක්
9:14am on Monday 3rd April 2017
2017 වර්ෂයේ නිළධාරීන් වෙනුවෙන් පවත්වනු ලැබූ ගුවන් ගමන් ආරක්‍සාව පිළිබද පළමු වැඩමුළුව 2017 මාර්තු මස 25 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික පුහුණු පාසැල් පරිශ‍්‍රයේදී සාර්ථකව පවත්වන ලදි.

මෙම වැඩමුළුව ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් ගමන් ආරක්‍ෂක අධ්‍යක්‍ෂකය මගින් සංවිධානය කරන ලද අතර නිළධාරීන් විසින් ගුවන් මෙහෙයුම් සදහා සෘජුව හා වක‍්‍රව සම්බන්ධ වීමේදී ආරක්‍ෂාව පිළිබදව දැනුවත්ව සිටීම පිළිබදව දැනුවත් කිරීම සිදු කරන ලදි. 2017 මාර්තු මස 20 වන දින ආරම්භ කරන ලද මෙම වැඩමුළුව විධිමත් ගුවන් ආරක්‍ෂාව යටතේ පුහුණුව ලැබිය යුතු අංශයන් නමයක් යටතේ (දළ ජාතික නිෂ්පාදිතය, ගුවන්යානා ඉංජිනේරු, විද්්‍යුත් ඉංජිනේරු, ගුවන් මෙහෙයුම් පරිපාලනය, රෙජිමේන්තු පරිපාලනය, සැපයුම්, ගුවන් ධාවනපථ නඩත්තුව සහ පශුවෛ්‍ය පරිපාලන) දේශන පැවැත්වූ අතර මේ සදහා නිළධාරීන් 30 දෙනෙකු සහභාගී වූහ. මෙම වැඩමුළුව සදහා ගුවන් ධාවන පථ නඩත්තු ශාඛාවේ නිළධාරීන් සහ පශු වෛද්‍ය ශාඛාවේ නිළධාරීන් සහභාගී වූ ප‍්‍රථම අවස්ථාව විය.

වැඩමුළුවේ දේශකයන් ලෙස සහභාගී වූ හොදින් සුදුසුකම්ලත් නිළධාරීන් විසින් දේශන පැවැත්වූ අතර ගෲප් කැප්ටන් එස්ඞීජීඑම් සිල්වා විසින් ගුවන්යානා අනතුරු විමර්ෂන පිළිබදව දැනුම ලබා දෙන ලදි. බෑෂ් පිළිබඳව ගෲප් කැප්ටන් එස්එස්බී මාරඹේ නිළධාරී විසින් දේශනයක් පැවැත්වූ අතර ගුවන් ගමනාගමන පාලක පිළිබදව විංග් කමාණ්ඩර් ජීජීඑස්ආර් ගුණවර්ධන විසින් දැනුම ලබා දෙන ලදි. ගිනි නිවාරණය පිළිබදව විංග් කමාණ්ඩර් ඩබිඑම්ඒ කුමාරසිරි විසින්ද ආරක්‍ෂණ වැඩසටහන් කළමණාකරණය පිළිබදව විංග් කමාණ්ඩර් එස්ආර් ජයරත්න විසින්ද ද්‍රව්‍ය සාධකය සහ මානව සාදක පිළිබදව ස්කොඩි‍්‍රරන් ලීඩර් එස් සිරිවර්ධන විසින්ද ගුවන්සේවා කාර්්‍ය සාධනය පිළිබදව ස්කොඩ‍්‍රිරන් ලීඩර් ආර්එස් ජයතිලක ෆ්ලයින් ඔෆිසර් පීඒඑල් රාජපක්‍ෂ විසින් දේශන පවත්වන ලදි. මෙම අවස්ථාවට ගෲප් කැප්ටන් ජී ඒ ප‍්‍රනාන්දු (මෙහෙයුම් අංශය සහ ශී‍්‍ර ලංකා සිවිල් සේවා අධිකාරී ප‍්‍රධානී) නිළධාරී සහභාගී වී සිටියහ.

වැඩමුළුව සදහා සහභාගී වූවන් සදහා සහතිකපත් ප‍්‍රධානය කිරීම වැඩබලන විධායක ගුවන් ආරක්‍ෂණ නිළධාරී ගෲප් කැප්ටන් එස්එස්බී මාරඹේ නිළධාරී විසින් සිදු කරන ලදි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි