ලෝඩ් මාස්ටර් හා ගුවන් අවිකරු පාඨමාලාවන් සදහා නිළ ලාංජන පැලදවීම
3:01pm on Tuesday 23rd May 2017
ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුරේ දී අවසන් වූ අංක 17 මූලික ලෝඩ් මාස්ටර් පාඨමාලාව සාර්ථකව අවසන් කල එක් නිළධාරියකු ඇතුළු ගුවන් භටයින් තිදෙනෙකු හට සහ ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුරේ දී අවසන් වූ අංක 13 ගුවන් අවිකරු පාඨමාලාව සාර්ථකව අවසන් කල ගුවන් භටයින් 11 ක් දෙනෙකු සඳහා නිළ ලාංජන පැලදවීම ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් 2017 මැයි මස 22 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදු කරන ලදී.

ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් එස් කේ පතිරණ මහතා මෙහෙයුම් භූමි අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් කේ එෆ් ආර් ප‍්‍රනාන්දු මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි