ගංවතුරින් විපතට පත් වූවන්ට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සහාය
10:49pm on Sunday 28th May 2017
පවතින අහයපත් කාලගුණ තත්වය හේතුවෙන් ආපදාවට පත්වූ දහස් ගණනක් වූ ශ‍්‍රී ලාංකික ජනතාවට පිහිට වීම සඳහා ශ‍්‍රී ලාංකීය ගුවනේ රැකවලා වූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ මෙහෙයුම් රාශියක් දියත් කරමින් තම ක‍්‍රියාකාරී දායකත්වය ලබා දෙනු ලබයි.

ශ‍්‍රී ලංකාි ගුවන් හමුදාව මැයි මස 26 වන දින උදෑසන සිට කොළඹ, ගාල්ල, රත්නපුර සහ කළුතර දිස්ත‍්‍රික්කයන්හි විපතට පත් වූ ජනතාවට පිහිට වීම ආරම්භ කරන ලදී. ඒ අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව හදිසි මුදවා ගැනීම්, රෝගීන් ප‍්‍රවාහනය කිරීම, අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සහ මුදවා ගැනීමේ හා සහන කණ්්ඩායම් ප‍්‍රවාහනය කිරීම  මෙන්ම ආපදාවන්ට පත්වූ ප‍්‍රදේශ ගුවනේ සිට නිරීක්‍ෂණය කිරීම මෙම තත්වය ඇතිවූ අවස්ථාවේ සිට ආරම්භ කරන ලදී.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17, බෙල් 212, බෙල් 412 හෙලිකොප්ටර් යානාවන් මගින් සියළුම ප‍්‍රදේශයන්හි මුදවා ගැනීමේ සහ ආපදා සහන කටයුතු දියත් කිරීම සිදුකරන ලද අතර බී200 බීච්ක‍්‍රාෆ්ට් ගුවන් යානව මගින් නිරීක්‍ෂණ මෙහෙයුම් නොකඩවා දියත් කරන ලදී. ඊට අමතරව ගුවන් හමුදා ගිනි නිවාරණ හා ජීවිත ගලවාගැනීමේ භටයන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකායේ ගුවන් භටයින් අවශ්‍යතාව අනුව ප‍්‍රමුඛතාවය ලබා දෙමින් ඒ ඒ ස්ථාන වෙත ප‍්‍රවාහනය කිරීමද සිදු කරන ලදී.

ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ උපදෙස් වලට අනුව රත්මලාන සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරු වල ස්ථාපිත කොට ඇති සහනාධාර එක්රැස් කිරීමේ මධ්‍යස්ථාන වෙත ලැබෙන වියලි ආහාර, කෑම පාර්සල් සහ අනෙකුත් භණ්ඩ ආපදාවන්ට ලක්වූ පුද්ගලයන් හට බෙදා දීම සිදු කරනු ලබයි.

එසේම රත්මලාව ගුවන් හමුදා කඳවුරේ ආහාර පිළියෙල කොට පාර්සල් සකස් කිරීම සිදුකරනු ලබන අතර එම ආහාර පාර්සල් ගුවන් මගින් බෙදා දීම සිදුකරනු ලබයි.

එසේම ආපදාවට පත් වූ සහොදර ජනතාවට සහනයක් වීමට කැමති පුද්ගලයන්ගේ ආධාර ගුවන් හමුදා රත්මලාන කඳවුරේ සහ කොග්ගල ගුවන් හමුදා කඳවුරු තුළ පිහිටා ඇති ආධාර එකතු කිරීමේ මධ්‍යස්ථන වෙත ලබා දිය හැක.

සහන සැපයුම් සඳහා ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් බුද්ධික - 0716776740

ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගලවා ගැනීම් සඳහා හදිසි අවස්ථාවක ඇමතිය යුතු දුරකථන අංක - 011 2 343 970

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි