ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව නොකඩවා පස්වන දිනටත් ගංවතුර සහන මෙහෙයුම් ක‍්‍රියාත්මක කරයි
2:56pm on Wednesday 31st May 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා යොදවමින් ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් සහනාධාර සහ අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීමේ මානුසීය ක‍්‍රියාදාමය පස්වන දිනටත් නොකඩවා සිදු කරන ලදී. ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ආපදා සහන මෙහෙයුම් ක‍්‍රියාදාමය ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කේවීබී ජයම්පති මහතාගේ උපදෙස් හා මගපෙන්වීම මත 2017 මැයි මස 26 වන දින ආරම්බ කරන ලදී. මෙහිදී ගුවන් හමුදාව සතු වත්කම් මනාව අධීක්‍ෂණය කරමින් කාර්යක්‍ෂම කළමණාකරණය තුළින් ගුවනින් ඉවත් කිරීමේ සහජීවිත ගලවා ගැනීමේ  මෙහෙයුම් ඉතා සාර්ථකව සිදු කර ඇත.

අද දින, බෙල් 212, බෙල් 412 සහ එම්අයි 17 හෙලිකොප්ටර් යානාවන් උපයෝගී කර ගනිමින් පිසින ලද ආහාර පාර්සල් 39266, වියලි ආහාර කි ග‍්‍රෑ 5206, ලීටර් 4037 ක ජල බෝතල්, අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය බුලත්සිංහල, බෙල්ලන, බද්දෙගම සහ රත්නපුර යන ප‍්‍රදේශයන්හි ප‍්‍රවාහනය කරන ලදී. මෙම මෙහෙයුම් සියල්ල ගුවන් පැය 24 මිනිත්තු 15 ක කාලයක් මුළුල්ලේ ගුවන් ගමන් වාර් 52 ක් සිදු කරමින් ක‍්‍රියාත්මක කරන ලදී. මීට අමතරව, ආපදා සහන කණ්ඩායම් වලට ලග’ා විය නොහැකි ජලගැල්මින් විපතට පත් හුදෙකලා කණ්ඩායම් වෙත සහනාධාර බෙදා හැරීම සහ සහන කණ්ඩායම් එම ස්ථානයන් කරා ගුවනින් යොමු කරවීමේ ඉතා දුෂ්කර කාර්යය ඉතා සාර්ථකව ඉටු කිරීමට ගුවන් හමුදාවට හැකි විය.

එසේම ගුවන් හමුදාව ආපදා සහන මෙහෙයුම් යටතේ රෝගීන්, තුවාලකරුවන් සහ අනෙකුත් පුද්ගලයන් හට අවශ්‍ය හදිසි වෛද්‍ය ප‍්‍රතිකාර ලබා දීම පිණිස ප‍්‍රවාහනය කිරීමේ කාර්යයද නොකඩවා සිදු කරමින් ඔවුන් ආරක්‍ෂිත ස්ථානයන් කරා යෙදවීම සිදු කරනු ලබයි. එසේම මෙම සමස්ථ කාර්යය සම්බන්ධීකරණය කරමින් වයි 12 ගුවන් යානාව මගින් පිරික්සුම් මෙහෙයුම් රත්නපුර, ගාල්ල සහ කළුතර යන් දිස්ත‍්‍රික්කයන්හි නොනවත්වා සිදු කරනු ලබයි.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි